පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පැය 24 ක් ගතවීමට පෙර කතානායක කරු ජයසූරිය මහතා නිලරථ ඇතුළු කතානායකවරයාට හිමිවන සියලූම වරප්‍රසාද අද (03) යළි බාර දෙනු ලැබීය.
කතානායකවරයා පාර්ලිමේන්තුවේ සියලු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමුදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප කිසිවෙකුව පුද්ගලිකව විවේචනය කිරීමට උත්සහ දරනවා නොව. මේවා නීතිමය පැත්තෙන් මෙන්ම තම වගකීම්ද වන බැවින් ඒ සදහා මෙවැනි ප්‍රචාර මාධ්‍ය මගින් අනිසි ලෙස ලබාදීම මගින් කුමක් බලාපොරොත්තු වන්නේද ගැටලුවකි. කෙනෙකු තම සේවය අවසන් කිරීමේදී ඔහුට රාජකාරි කටයුතු සදහා ලබාදුන් සියල්ල නැවත අදාල ආයතනයට බාරදීම සාමාන්‍ය කටයුත්ත බවවත් නොතේරුණු මෙවැනි අය කෙසේ මහජනතාවට සේවය කිරීමට ඥානය පහල වේද යන්න කිසිවෙකුට ගැටළුවක් නොවේද ?
සංවේදී නිමේශයක්... ඕනෑම පුද්ගලයෙකුට ජිවිතයේ වරක් , දෙවරක් හෝ කිහිප වරක් පමණක් දෛවය විසින් මුණ ගස්වන වේදනාබර මොහොතක්. වෙන්වීම දුකක්. එත් ' සමුගැනීම ' වෙන්විමටත් වඩා දුකක්..
මෙන්න නියම පිරිසදු දේශපාලකයෝ. යුඑන්පි එකට පින නෑ කරූ ඉදිරියට දාල දිනන්න. 2015 දීත් සිරිසේන වෙනුවට කරූ දැම්ම නම් දිනුම්.
කුණු වූ දේශපාලන මඩ ගොහොරුවේ ඉඳන් ටිකක් අඩුවෙන් හරි මඩ නොගැවී ඉන්න උත්සාහ කල දේශපාලනඥයෙක්. හැබැයි දැන් නම් ඔය පක්ෂයේ ඉඳල වැඩක් නැතිවෙයි. වෙන ඉතින් යන්න තැනකුත් නැහැ තමා. මොනවා කරන්නද. ඔබට සුබ පැතුම්.
මේ විදියට අනෙකුත් දේශපාලකයිනුත් වැඩ කරනවා නම් කොච්චර හොඳද?
ඔක්කොම භාරදුන්න කිව්වට සාක්කුවේ නම් මොකක් හරි දාගෙන යනවා වගේ පෙනෙනවා?
හොරෙක් නොවේ, වැදගත් මහත්මයෙක් , නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමු.!
නිරහංකාර මිනිසෙක්, අවංක හොරෙක් නොවන මිනිසෙක්.
මේවා බාර දෙන ක්‍රමවේදයට නොයා කැමරාව ඉදිරියේ මේවා කරන්නේ නැවත එන්න ලකුණු දාගන්න කියලා හිතෙන්නේ නැද්ද..
වැදගත් සොල්දාදුවෙක් , යහපත් මිනිසෙක් , සේනානායක ,කොතලාවල , විජේතුංග වැනි උතුම් පුරුෂයෙක්. ඔබතුමා නැවතත් කතානායක වෙලා නිර්භීතව පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගන්න.
නිර්භීත, අවංක කතානායක තුමෙක්. ඔබට සැමදා ජයවේවා .....
ධම්ම මහත්මයා කැමරාව ඉදිරියේ වැඩකරන දේශපාලකයා මෙතුමා විතරද.... ඔබතුමා මෙතෙක් දැක්ක? කොහේ හෝ වැරැද්දක් තියෙනවා.