
(කාංචන කුමාර ආරියදාස)
පකිස්තානයේ ගෙන්වා තිබූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල කිලෝ 26,000 ක් දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ ගබඩාවක තිබී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(9) සිය බාරයට ගෙන තිබේ.
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරිවරයාට ලැබුණු තොරතුරක් මත කළ සොයා බැලීමකදී මෙම අර්තාපල් තොගය ඉතා සූක්ෂම ලෙස කන්ඩළම පාර ප්‍රදේශයේ ගබඩාවකට රැගෙනවිත් සුද්ධ පවිත්‍ර කිරීමට සූදානම් කරමින් සිට ඇත. එමෙන්ම කන්ටේනරයක අර්තාපල් අල කිලෝ 26,000 ක පමණ ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා නරක් වී ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමමින් රථයෙන් අපදියර ගලමින් පැවති බවත් පොලීසිය කියයි.
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා දැනුවත් කිරීමෙන් පසුව නාගරික සෞඛ්‍ය අංශයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා නාගරික මන්ත්‍රී සුජීව ජයසිංහ මහතා ඇතුළු පිරිස මේවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනයට කිසිසේත් සුදුසු නැති බව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත දැනුම් දුන් බව පොලිසිය කියයි.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මේවා පාකිස්තානයෙන් ගෙන්වා දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ලබාදී ඇති බවත්, වරායේ සිට රට අභ්‍යන්තරයට පැමිණෙන කිසිදු ලියකියවිල්ලක් මෙම ව්‍යාපාරිකයා සතුව හෝ කන්ටේනර් රථ රියදුරු සතුව නොමැති බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම අර්තාපල් කන්ටේනර් වරායෙන් ඉවත් කරන ඒවාද යන්න බරපතළ සැකයක් මතුවන බවත් අවස්ථා ගණනාවකදීම දඹුල්ල ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් මෙවැනි අල සහ ලූනු සුද්ධ පවිත්‍ර කර නැවත වෙළඳපළට යැවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් පොලිසිය කියයි.
පාකිස්ථානයේ ව්‍යාපාරිකයාගෙන් දඹුල්ල ප්‍රදේශයට මෙම අර්තාපල් කන්ටේනර් රථය ගෙන්වූ බව කියන දඹුල්ලේ ව්‍යාපාරිකයා සැකපිට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන දඹුල්ල නාගරික සෞඛ්‍ය ඒකකය වෙත භාර දෙනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයත් එක්ක ඩීල් දාන්නේ එක්තරා ජන කොට්ඨාශයක්...!!!
මේ අල, එළවලු, පලතුරු වගා කරන තැන්වලට ගිහින් දාන්න. මේක පොළවට දිරාපත් වුණාම.., අස්වැන්න සියයට 50කින් වැඩිවීම නියතයි.