(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)
ප්‍රංශ පොලිසිය අත්අඩංගුවට ගත් රත්මලානේ කුඩු අංජු නැමැත්තා මෙරටට පිටුවහල් කිරීමෙන් වළක්වා ගැනීමට ඔහුගේ අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික සුරූපිනිය නීතිඥ මණ්ඩලයකගේ සහය පතා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මේ වන විට රිමාන්ඩ් බාරයට පත් කර සිටින කුඩු අංජු නැමැත්තා මෙම මස 4 වෙනිදා යළිත් ප්‍රංශ අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ප්‍රංශ අධිකරණයක් හමුවට කුඩු අංජු නැමැත්තා ලබන 4වෙනිදා ඉදිරිපත් කරන අවස්ථාවේ මෙම නීතිඥ මණ්ඩලය ඔහු වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ප්‍රංශ ජාතික සුරූපිනියක් සමග කලක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කියන කුඩු අංජු නැමැත්තා ඇය සමඟ විවාහ වීමට ශ්‍රී ලාංකික විවාහක බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා ඇතත් ඇය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇතැයි ද මෙරට බුද්ධි අංශවලට දැනගැනීමට ලැබී ඇතැයි පැවසේ.
මෙම හේතුව මුල්කරගනිමින් අඹුසැමි යුවළ අතර නිතර ගැටුම් ඇති වෙන බවත් ඇතැම් අවස්ථාවල කුඩු අංජු නැමැත්තා සිය බිරිඳව කාමරයක දමා සිර කරගෙන ඇයට අමානුෂික ලෙස පහර දෙන බවත් වැඩිදුරටත් දැනගැනීමට ලැබී ඇතැයි එම බුද්ධි අංශ නිලධාරියා කීය.
සැමියාගේ පහරකෑම් ඉවසා සිටීමට නොහැකි වූ බව කියන බිරිඳ ඔහුගේ තතු ප්‍රංශ පොලීසියට දැනුම් දීමෙන් පසු ඉකුත් 27 වැනි දා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කුඩු අංජු නැමැත්තා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විධිවිධාන මේ වන විටත් යොදා ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරූපිනිය!!!, ප්‍රන්ශේ ඉන්න අපි දන්නවා ඔය සුරූපිනිය ගැන...
අලස් ට ඔහුව නිදොස්කොට නිදහස් කරන්න වෙනවා නියතයි...
කොහොම වුණත් ඔය කුඩු මුදලාලිව ලංකාවට පිටුවහල් කරන්න ප්‍රංශ අධිකරණය අවසර දෙන්නේ නැහැ. ප්‍රංශ අධිකරණය කියන්නේ ලංකාව වගේ දේශපාලකයින්ගේ ඕඩර්ස් වලට, පොලිසියේ ඕනෑකමට වැඩකරන අධිකරණයක් නොවෙයි. රටේ ජනාධිපතිවවත් ගණන් ගන්නේ නැති උත්තරීතර ආයතනයක්. මේ මිනිහාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ගෙදර ගෑනිට පහරදීම නිසාලු. ගෙදර බල්ලාට, ගෑනිට, ළමයින්ට පහරදීම ප්‍රංශයේ ලොකු වරදක්. ඒ අනුව සමහරවිට ඔය මිනිහාව මාස 6 ක් විතර ප්‍රංශයේ කූඩුවකට දමාවි, ඒ හැර ලංකාවට නම් එවන්නේ නැහැ. ඒ රටේ අධිකරණය දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ වනචාරින් පාලනය කරන මිත්‍යාදෘෂ්ටික වහල්ලුන්ගෙන් පිරුණු චූටි දුපතක් කියලා...