(+++ මහින්ද නිශ්ශංක)
දුම්රියක් එනතුරු පෙරේදා (03) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ හයවැනි වේදිකාව අයිනේ සිටි කාන්තාවක ධාවනය වෙමින් තිබූ දුම්රියක හැපී දුම්රිය මාර්ගයට වැටී අනතුරකට පත්ව ඇත.
තලෙයිමන්නාරම පදිංචි විශ්‍රාමික ගුරුවරියක වන ඇයගේ අත් බෑගයේ තිබී රුපියල් 39,08,329 ක මුදලක් සහ රන්මාල 4 ක් රත්රන් වළල්ලක් හා ඔරලෝසුවක් හමුවූ බව ඇය හැපුණු දුම්රියේ ප්‍රධාන නියාමක එච්.පී සෝමරත්න මහතා පැවසීය.
එයට අමතරව ඇයගේ ජාතික හැඳුනුම්පත, බැංකු පොත්, විදේශ ගමන් බලපත්‍රයක් ද හමුවූ බවත් ඒ සියල්ල ආරක්ෂා සහිතව කොටුව දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) වෙත බාරදුන් බවත් ඔහු කීය.
යාපනයේ සිට කොටුව බලා පැමිණි දුම්රිය මගීන් බැසයාමෙන් පසු පැයකින් පමණ දුම්රිය ධාවනාගාරයට පිටත්ව යාමේදී හයවැනි වේදිකාව අයිනේ සිටි අය දුම්රියේ හැපී මාර්ගයට ඇද වැටුණු බවත් පසුව දුම්රිය වහා නතර කර 1990 ට කතාකර ගිලන් රථයක් ගෙන්වා ඇය කොළඹ ජාතික රෝහලට පිටත්කර යැවූ බවත් ප්‍රධාන නියාමක සෝමරත්න මහතා පැවසීය.
දුම්රියට හැපුණු ඇයගේ දෙපා වෙන්වී තිබූ බවත් ගිලන් රථයට නැංවීමේදී ඇයට සිහිය තිබූ බවත් ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රියේ ප්‍රධාන නියාමක වෙත. ඔබ විසින් කර ඇත්තේ මිලකළ නොහැකි මිනිසත්කම මනාවට ඉස්මතුවුණු සත් ක්‍රියාවකි. ඔබගේ සියලු පැතුම් එලෙසම සාර්ථක වේවා යන්න අප හද පතුලින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.!! ඔබ ඇතුළු සිය පවුලට යහපතක්ම වේවා !!!
දුම්රිය නියාමකගේ අවංක සේවය මිලකළ නොහැකිය. නමුත් වයසක කාන්තාවක් තනියම රුපියල් ලක්ෂ තිස් නමයක මුදලක් බෑගයක දමාගෙන පොදු ප්‍රවාහන සේවයක ප්‍රවාහනය කලේ කුමන කරුණක් නිසාද කියලා සොයලා බලන්න ඕනේ? අද රටේ සෑම නගරයකම බැංකු 7-8ක් තිබෙනවා. ඕනෙම කෙනෙකුට පුළුවන් මුදල් තම ගිණුමට දමලා කැමති නගරයක් බැංකු ශාඛාවකින් නැවත ලබාගන්න. මෙතන මොකක් හරි හොර ජාවාරමක් සිදු වෙලාද කියලා සොයලා බලන්න ඕනේ...
නියාමක තුමණි ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙකි. ඔබට අපේ ආචාරය.
බමුණා හිතන් ඉන්නේ මිනිස්සු ලක්ෂ 30-40 මලු වල තලේමන්නාරමේ ඉඳන් දුම්රියේ කොළඹ ඇවිත් කොළඹ දුම්රිය පලේ ගැවසෙන එක සාමාන්‍ය දෙයක් කියලද ?