
(ටී.කේ.ජී.කපිල)
ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම පැවති ඝන මීදුම් තත්වය නිසා මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ.
චීනයේ ග්වැන්ෂෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුණි .
එමෙන්ම සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 266 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ. කොළඹ අවට ද අද පෙරවරුවේ දැඩි මීදුම් සහිත තත්වයක් පැවැති අයුරු දක්නට ලැබිණි.
(ඡායා ශාන්ත රත්නායක)



2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කටුනායකට ආ යානා තුනක් මත්තලට හරවයි
Rasika Wednesday, 19 November 2025 01:02 PM
හොඳ වෙලාවට මත්තල තිබුනෙ.
Pacha kotaa Wednesday, 19 November 2025 02:12 PM
මෙන්න නිව්ස් එකක් .මත්තලට කෝච්චි තුනක් ඇවිල්ලා