(තිළිණි ද සිල්වා)
කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් මාස 03 තුළ අවසන් නොකළොත් ජපන් රජයට පැමිණිලි කර අසාදු ලේඛන ගත කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් එම ඉදිකිරීම් සිදු කරන කසාමා නැමති ජපන් සමාගමට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටී.
ලබන මැයි මස 31 දින වන විට එම අංගනයේ ඉදිකිරීම් අනිවාර්යෙන් ම අවසන් කළ යුතු බව නියෝග කළ අමාත්‍යවරයා මෙම ප්‍රමාදය නිසා ගුවන් තොටුපළට සිදුවන පාඩුව සමාගමෙන් අය කර ගැනිමටත්, ගුවන් තොටුපළ පාලන අධිකාරිය මගින් විශේෂ කමිටුවක් පත් කර මෙම කටයුතු දිනපතා අධික්ෂණය කිරිමටත් , මේ ගැන ජපන් තානාපති කාර්යාලය හා ඉදිරිකිරීම් සමාගමට උපදේශකත්වය ලබා දෙන ජයිකා ආයතනය සමග සාකච්ඡා කිරිමටත් තීරණය වූ බවද එම අමාත්‍යාංශ්‍ය වැඩිදුරටත් කියා සිටී.
කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධනය ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ දී පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරයා මෙම තීරණය දැනුම් දී ඇත.
කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති වලින් එක් ව්‍යාපෘතියක් වන්නේ එහි නව ගුවන් යානා අංගනය ඉදි කිරීම වන අතර ඒ සදහා රුපියල් බිලියන 06 ක් වෙන් කර ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දේ.
කසාමා නැමැති අදාළ ජපන් සමාගමට මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පැවරී ඇත්තේ 2017 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේ දි මෙහි ඉදිකිරීම් අවසන් කළ යුතු වුව ද අවස්ථා 04 කදී මෙහි කාලය දීර්ඝ කිරීමට රජය කටයුතු කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය කියා සිටී.
එලෙස දීර්ඝ කර තිබු කාලය ද ඉකුත් පෙබරවාරි 28 වෙනි දා අවසන් වුව ද එහි වැඩ අවසන් ව ඇත්තේ සියයට 75ක ප්‍රමාණයක් පමණක් බවක් , මෙම ඉදිකිරීම් කටයුතු අවසන් නොවීම නිසා ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් මේ නිසා ගුවන් තොටුපළට දැඩි අලාභයක් සිදුවන බවත් ගුවන් තොටුපළ බළධාරීහු අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරොනා වෛරසය නිසා ගූවන් ගමන් ලොව පුරා අඩුවන කාලෙක මෙච්චර හදිස්සි ඇයිද දන්නේ නෑ. වැඩියත්ම මත්තලත් තියෙද්දි..................
පගා නොදුන් නිසා, ව්‍යාපාරිකයෙකුට අමු තිත්ත කුණු හරුපෙන් බැනපු ඇමතියෝත් අසාදු ලේඛනගත කරන්න ඕනෑ.
හෑ !!! මෙයා මහඇමති කාලේ ඔහොම බය කරලලු නේද කොමිස් ගහලා තියෙන්නේ? නඩුත් තියනවාලු නේද? කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ කියලා කතාවක් තියනවා කියා නම් හැමෝම අහලා තියනවාලු. ඔන්න බැටළු හමින් වෘකයාගේ වල්ගේ එළියට එනවෝ...
මේවා ගැලරි කතා.. ඒ මිනිස්සුන්ගේ කොන්ත්‍රාත් එකේ එහෙම එකක් ලියලා තියෙනවාද?
අම්මපා රණතුංග මලයට කේන්ති ගිහින් වගේ මොකද ප්‍රශ්නේ..? වට්ටම්වල හුටපටයක්ද, නැත්නම් තමන්ගේ කෙනෙකුට වැඩේ බාරදෙන්න.. ආසයි දැනගන්න රණතුංග මලයාම කිව්වොත් හොඳයි.. මේ එකඑක බේගල් කියනවට වඩා... එතකොට අපට විශ්වාස කරන්න පුළුවන්නේ මොකද මලයලා කිසිදා හීනෙන්වත් බොරු නොකියන බොරු නොකරන සුපින්වත් අසූචි ගොඩවල්නේ...
මේ ඉන්නේ නියම පොරක්. හිරේ ඉන්න ඕනේ කෙනෙක්. හැබැයි අපේ රටේ ඉන්නේ පාර්ලිමේන්තුවේ. දැන් වැඩකාරයා වෙලා. අපි මැරිලා ඉපදුන්නේ නැහැ.
මෙයා කියන ඒවා අර කකුල් හතරේ සත්තුවත් ගණන් ගන්නේ නැහැ, හොදම උදාහරණය මේ දවස්වල රට වටේ ඇප් වලින් ඉතා සාධාරණ මිලට ටැක්සි දුවන අයට සංවිධානාත්මකව ත්‍රීවිල් සහ අනිකුත් මීටර නැති ,ඒවාට අකමැති ජනතාවගෙන් හිතු හිතු ගණන් අයකරන මැර කණ්ඩායම් පහරදෙනවා මරණ තර්ජන කරනවා . මෙයා කීව වහාම ඒවා නවත්තනවා කියල ,කෝ නැවැත්තුවද ? දැන් දැන් හික්කඩුව ප්‍රදේශයේ දැන්වීම් පවා ගහගෙන ඉන්නවා ඇප් වලින් ආවොත් ගහනවා එළවනවා කියලා. කයිය විතරයි.
මෙයා පාර්ලිමේන්තුවේ තියා රටේවත් ඉන්න සුදුසු කෙනෙක් නොවේ. මේ පාර ඡන්දයේදී මෙයාව ගෙදර තියන්න ඕනේ...