(ටී.කේ.ජී.කපිල )

මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් Fits Air ගුවන් සමාගම සිය කොළඹ–ඩුබායි ගුවන් ගමන් සේවාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මෙම අත්හිටුවීම 2026 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වූ බව ගුවන් සමාගම පවසයි. කලාපයේ තත්ත්වය පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර, එම තත්ත්වය සිය ගුවන් මෙහෙයුම් කටයුතු කෙරෙහි ඇති කරන බලපෑම ද තක්සේරු කරමින් සිටින බව FitsAir සඳහන් කරයි.

වත්මන් සැලසුමට අනුව, 2026 නොවැම්බර් 19 වැනිදා සිට කොළඹ–ඩුබායි ගුවන් සේවය යළි ආරම්භ කිරීමට FitsAir අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, එය එම අවස්ථාවේ පවතින තත්ත්වය සහ ඉදිරි වර්ධනයන් මත රඳා පවතින බව ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.