IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් රැසක්

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා රාශියක ගුවන් ගමන් රාශියක් ප්‍රමාදවීම් වලට සහ අවලංගු කිරීම් වලට ලක් වී ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද(28)   සවස පැවසීය .

මෙයට හේතු වී පවතින්නේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා රාශියක් මත්තල ගුවන් තොටුපොළ , ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමෙන් පසුව , ඒවා තවදුරටත් එම ගුවන් තොටුපොළ  තුළ නවතා තිබෙන නිසාය .

විශේෂයෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එක් ගුවන් යානයක් තවදුරටත් මත්තල ගුවන් තොටුපොළේ නවතා ඇති අතර ඒවායේ පැමිණි ගුවන් මගීන් මේ වනවිට සිය නිවෙස් කරා යොමු කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව එම ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මීට අමතරව ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන් තොටුපොළ වලද තවදුරටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නොහැකිව ගුවන් යානා 04 ක් නවතා ඇති බවද සදහන් වේ .

ඒ නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා රාශියක් ප්‍රමාද වීම් වලට සහ අවලංගු වීම් වලට ලක් වී පවතින බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

එහෙත් කටුනායක ගුවන් තොටුපොළ අවට පවතින වැසි සහිත කාළගුණික තත්වය යටතේ වුවත් ඇතැම් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීම සහ ඉන් පිටත්ව යාම් සිදු කරමින් තිබේ .

 



අදහස් (0)

කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 187 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1143 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site