IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොටින්ගේ රන්වලට ඉව ඇල්ලූ අයි.පී මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ වසන්ත චන්ද්‍රපාල)

එල්ටීටීඊ සංවිධානය වළ දමා ඇති බව කියන රන් තොගයක් ගොඩ ගැනීමට  සඳහා අධි බලැති ස්කෑන් යන්ත්‍රයක් රැගෙන මෝටර් රථයකින් ගමන් ගත් බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු 4 දෙනකු කරදියනාරු ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සෙසුකරුවන් තිදෙනා ව්‍යාපාරිකයෝ වෙති

සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මිරිහාන මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී  අසනීප නිවාඩු වාර්තා කර සිටි අයකු යැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කරදියනාරු පොලිස් වසමට අයත් තාරකාඩු ප්‍රදේශයේ ස්ථානයක කැණීම් කිරීමට මෙම සැකකරුවන් ගොස් ඇතැයි කියති.

මෙම ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානය  යුද සමයේ වළ දමා ඇති බවට සැලකෙන රත්ත්‍රන් තොගයක් ගොඩ ගැනීමට යැයි කියමින් කැණීම් සිදුකරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු කණ්ඩායමක් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔවුන් තවමත් රිමාන්ඩ් භාරයේ පසුවෙති .

 



අදහස් (0)

කොටින්ගේ රන්වලට ඉව ඇල්ලූ අයි.පී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site