(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් වෙසින් ගොස් පන්නිපිටිය ඇරැව්වල පරට පදේශයේ මැණික් ව්යාමපාරිකයකුගේ නිවසට කඩා වැදී එහි තිබු රුපියල් කෝටි 700 ට අධික වටිනා නිල් දියමන්තියක් ඇතුලූ මැණික් කිහිපයක් සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ මාකදුරේ මධුෂ්ගේ තවත් ගෝලයකු වත්තල පොලිස් වසමේ හුණුපිටිය, වෙඩිකන්ද පාර පර්ගේදේශයේ දී අද (19) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කේ කසුන් ධනංජය (31) හෙවත් වෙඩිකන්දේ කසුන් නැමැත්තා බව පොලිස් මාධ්ය් පර) කකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ගෙන් හෙළි වු තොරතුරු හා දුරකතන විශ්ලේෂණ කිරීමෙන් හෙළි වු තොරතුරු අනුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍යම පරතොරකාශකවරයා කියා සිටියේය.
මෙම කොල්ලය සඳහා භාවිතා කළ මිලි මීටර් 3.8 වර්ගයේ පිස්තෝලය මෙම සැකකරු විසින් ලබා දී ඇති බවත් එම ගිනි අවිය මීට පෙර මාකදුරේ මධුෂ් විසින් මොහුට ලබා දී ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ පෙන්වන්නේ ජනාධිපතිතුමා බව දැන්නම් සක්සුදක් සේ පැහැදිළියි
බොහොම හොද වැඩක්. හොයල බලන්න ඕනේ තවත් කාරණයක් තියෙනවා. කෝටි 700 ට අධික වටිනා නිල් දියමන්තියක් ගන්න සල්ලි පිට රට යැව්ව විදිහත් හොයන්න ඕනේ. ලංකාවේ මුදල් ඔහොම පිට රටට යන්න දීල කොහොමද. ගෙනියනවා නම් රජයට ගෙවන්න ඕනේ බදු ගෙවල ඉන්න ඕනේ.
ඔය කසුන් කියන කෙනා පලවෙනි මිනීමැරුම කලේ වනවාසලදී. ටික දවසක් හිරේ දාලා ඉඳලා ඇප පිට නිදහස් කලා. පස්සේ හිරෙන් නිදහස්වෙලා ඇවිත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පටන් ගත්තා. දැන් මංකොල්ල කනවා. බැඳලා තියන්න ඕන අයව ලිහලා සමාජෙට යවන මේ මහේස්ත්‍රාත්වරු තමයි මේවට වගකියන්න ඕන.