IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි 5කට වාලම්පුරියක් විකුණන්න ගිය අයෙක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

ටයිටේන්  වර්ගයේ    මිළ  අධික වාලම්පුරික්  රුපියල් කෝටි 5 කට අලෙවි කිරිමට  සූදානම් කර සිටී පුද්ගලයෙකු නුවරඑළිය  ගොරකාපතාන  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු සන්තකයේ ටයිටේන් වර්ගය වාලම්පුරියක් ඇති බවට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව නුවරඑළිය කඳවුරේ භට කණ්ඩායමක් විසින්  ගොරකාපතාන  ප්‍රදේශයේ හෝටලයක් වටලා වාලම්පූරිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු (45) අලුත් කොළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු සහ වාලම්පූරිය වැඩිදුර පරීක්ෂණ සඳහා කැප්පෙටිපොළ  පොලීසියට බාර දී ඇත.

 

 



අදහස් (5)

කෝටි 5කට වාලම්පුරියක් විකුණන්න ගිය අයෙක් මාට්ටු

ලුම්බිණි Wednesday, 26 April 2023 11:05 AM

මේ වගේ වාලම්පුරි අල්ලපු කතාවල් නිතර පත්තරවල තියෙනවා. ඒ අල්ලපු වාලම්පුරිවලට මොනවද වෙන්නේ? ඇයි වාලම්පුරි විකුණන්න තහනම්...?

:       1       15

prasanna Wednesday, 26 April 2023 11:05 AM

ඕක අල්ලපු එකාට වාලම්පුරිය තෙල් දාලා කන්න කියන්න. ඔය වගේ දේවල් විකුණන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ඕනෑ... දැන් ඉතින් ඕකෙන් කාටවත් ප්‍රෙයා්ජනයක් නැහැ. නඩු භාණ්ඩ කියලා ඕක තියාගෙන විනාශවෙලා යාවි...

:       0       8

Anuradh Wednesday, 26 April 2023 12:25 PM

මෙය නීති විරෝධී වන්නේ මන්දැයි යමෙකුට පැහැදිලි කළ හැකිද? එය නීති විරෝධී වන්නේ කුමන පදනමකින්ද, ඒ මන්දැයි මට තේරෙන්නේ නැත.

:       0       9

Pradeep Kumara Wednesday, 26 April 2023 12:48 PM

මැරුණු සත්වයෙකුගේ කවචයක් විකිණුවා කියලා මොකද වෙන්නේ? එහෙම නම් මාළු අල්ලලා විකුණන එකත් වැරැදියිනේ. මෙම බෙල්ලන් සංරක්ෂිත සත්වයෙක්ද?

:       0       8

TGL Wednesday, 26 April 2023 04:47 PM

මොන තරම් ගොන් අදහස්ද මේ, ඒක නීතිගත කලොත් හෝ ඔය තරම් සරලව කල්පනා කලොත් වාලම්පුරි බෙල්ලො විතරක් නොවී සල්ලිවලට සත්තු කොච්චර මරමර එකතු කරයිද? අපේ රටේ කාලකන්නි? වනජීවී පනත යටතේ ආරක්ෂිත සත්තු මේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site