
(ගයාන් සූරිය ආරච්චි)
රුපියල් කෝටි 18 ක් වටිනා හසිස් කිලෝ 18 ක් සන්තකයේ තබාගෙන සිටි කැනඩා ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගුවන් තොටුපොළ ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 21 පුද්ගලයෙකි.
සැකකරු ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය ඔහුගේ බෑගයේ සඟවාගෙන මෙරටට රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපොල ආරක්ෂක නිලධාරීන්විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට භාර දීමට නියමිතව තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකික කැනඩාවෙක් ද?