(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ බී 4 සිරකුටියේ තිබී තුන්වන වතාවටත් ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගත්බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහි ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සී.සී.ටී.වී කැමරා වලින් කරන ලද නිරීක්ෂණයකදී මෙම ජංගම දුරකතනය සොයාගෙන ඇතැයි පැවසේ.
එම සී.සී.ටී.වී දර්ශන ඔස්සේ කංජිපානිට එරෙහිව පරීක්ෂණ සිදුකරන බවද දැනගන්නට තිබේ.
මොහු සෑම සතියකට වරක්ම නඩු කටයුතු සඳහා කොළඹට රැගෙන එන බවද එහිදී ජංගම දුරකතන ශරීරය තුළ රහසිගතව සඟවාගෙන එන්නට ඇති බවද සැකකරන බවද එහි නිලධාරීහු පවසති.
දැනට මෙහි සියලුම ආරක්ෂක කටයුතු මෙන්ම බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් පරීක්ෂා කිරීම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකරන අතර ඒ සඳහා ඔවුන්ට නවීන තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ උපකරණ කිසිවක් නොමැති බවද වාර්තාවේ.
විශේෂ ගණයේ සිරකරුවන් 22 ඇතුළුව සිරකරුවන් 400 කට අධික සංඛ්‍යාවක් මෙහි රඳවා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පළවැනි වතාවට නේද?
මැරුම් කෑ ජේලර් මහත්වරුන් කුඩු කාරයින්ට එරෙහිවීම නිසා එම ඉරණමට මුහුණ දුන් බව නිල වශයෙන් තහවුරු වුණා. මොකද වුනේ? මේ රටේ සැබෑ බලය තිබෙන්නේ ජමපර් ඇඳගත් කුඩුකාරයන් සහ සුදු ඇඳුම් ඇඳගත් කුඩුකාරයන්ගේත්, නිල ඇඳුම් ලාගත් කුඩුකාරයන්ගේත් අතේ නොවේද?
මෙය අලුත් පුවතක් නොවෙයි. හැමදාම...හැමදාම.... පුවත පලවෙන්නේ හිරකුටියක ෆෝන් එකක් හම්බ වුනා කියා පමණයි. ඊට අදාළ ක්‍රියා මාර්ගයක් ගත්තේ නම් මෙවැනි පුවත් අපිට නිතර නිතර අහන්න හම්බවෙයිද? අපේ ශරීරයේ රුධිර වාහිනී තිබෙනවා. ඒවා තුලින් රුධිරය හදවතේ සිට මාන්ශපෙශී ... සෛල තුලින් යන තාක් කල් ශරීරය රඳා පවතිනවා. ඒවගේම සිරකරුවෙකුගේ සිට කඩුවයි තරාදියයි අතින් අරන් සිටින දේවතාවිය අතරත් නාලයක් තිබෙනවා. එම නාලය තුලින් මොණර කොළ යන තාක් කල් මේ දේවල් නැවත නැවත සිදුවෙනවා. මේ නාලය කපන තුරා මේවා සිද්ධ වෙනවා.
සමහර බන්ධනාගාර කොමසාරිස්ලාගේ මුහුණු පොත බැලුවම මේ ව්‍යසනය තේරුම් ගන්න පුලුවන. බවලතෙක් දකින්න බෑ ගිහින් අල්ලාගෙන ෆොටෝ එකක් අරන් මුනුපොතතට දාගන්නවා. නිල උත්සව වල හැසිරෙන්නේ දකුණු ඉන්දියානු නළුවෝ වගේ .
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආ විට මේ සිරකරුවන් සිරගෙවල්වල සිට ජංගම දුරකථන භාවිතය නැවත්වීමට පියවරක් ගනියි කියා මගේ ලොකු විස්වාසයක් තිබුනා.
අද කාලේ දුරකථන වලට කකුල් තියෙනවා. ඒවා බන්ධනාගාර වලට ඇවිදගෙන ඇවිත් "අනේ මගෙන් ඇමතුම් අරගෙන කුඩු වෙළදාම් ජයටම කරගෙන යන්න" කියලා ඉල්ලා සිටිනවා. බන්ධනාගාර නිලධාරීන්ට ඕවා දැනගන්නට බෑ. එයාලා නිර්දෝෂීයි. තුන් වැනි වතාවට නේ මේ හම්බවෙලා තියෙන්නේ.
එකක්වත් නැත්නම් තමයි පුදුම වෙන්න ඕන.
අදාල සිර මැදිරිය බාරව සිටින දුෂිත නිලධාරීන්ව වැඩ තහනමකට ලක්කළ යුතුයි.
මේ කැඳ වික්ක කෙනෙක් හිරේ තියාගෙන රජය විඳින වදයක්.
ඉඳහිට විහිළු කරනකොට මුවෙන් හිනාවිය හැකිය. හැමතිස්සෙම විහිළු කරනකොට හිනාවිය යුත්තේ කොහෙන්ද? නිතර නිතර දරුණු යයි සලකන මත්කුඩු ජාවාරම් කාරයින්ගේ සිරමැදිරි වලින් දුරකථන හමුවේ. නිතර නිතර මත්ද්‍රව්‍ය විශාල තොග වශයෙන් ශ්‍රී ලංකා දේශසීමාව තුළින් හමුවේ.