(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි හෝටලයකදී පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පාතාල ක්‍රියා කාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මාලිගාවත්තේ කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු අද (13) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ආදුරුප්පුවීදියේ පදිංචි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කංජිපානි ඉම්රාන් නැමැත්තාට අයත් මාලිගාවත්තේ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් බාරව සිටි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝලයෝ , ගොඩනැගිලිවල මුරට ඉන්න මුරකාරයෝ අල්ලලා වැඩක් නැහැ , තවම ලංකාවේ පොලිසිය විසින් ඉම්රාන් ලංකාවේ නඩුකටයුතු වලට අවශ්‍ය පුද්ගලයෙක් කියලා ජාත්‍යන්තර පොලිසිය හරහා එම්රේට් රටට දැනුම් දීල නැහැ , අපිව රවට්ටන්න බොරු නාඩගම් නටනවා , බන්ධනාගාර නිලදාරියෝ, පොලිස් නිලධාරියෝ, ලොකු මිනිස්සු මේ අපරාධ කාරයන් සමග බාල් නටනවා.
මොවුන් ගාව තියෙන්නෙම අහිංසකයින්ගෙන් ගත්තු කප්පම් මුදලුයි. ලක්ෂ ගණන් අහිංසකයින් මත් කුඩු වලට ඇබ්බැහි කරවල හම්බ කරපු සල්ලියි. ඔක්කොම රාජසන්ත කරලා ,මත්කුඩු වලට ඇබ්බැහි වුණු අය පුනරුත්තාපනයට යොදවන්න ඕනේ.
මාධ්‍ය විසින් මෙවැනි අයගේ ඡායාරූප ප්‍රසිද්ධ කලයුතුයි.