(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ දී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දීන් අහමඩ් මුවාත් නමැති මරාගෙන මැරනු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) නියෝග කළේය.
වසර එක හමාරක පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර ගත කර සිටියේය.
අදාල සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් නීතියෙන් කටයුතු නොකරන බැවින් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා සැකකරු එසේ නිදහස් කිරීමට නියෝග කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් මත එලෙස නිදහස් වූයේ අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා ය.
මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබිණි.
ඒ අනුව නීතිපතිවරයා විසින් සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදොස් කොට නිදහස්...
ඔය අනිත් ඇත්තන් ටිකත් නිදොස් කොට නිදහස් කර.. අර මියගිය අයට නඩුදමා හිරේ යවමු.
එකෙන් එකා නිදහස් කරමු .ඔහොම යන තව අවුරුදු කීපයකින් සියල්ලෝ නිදහස් වෙයිද අනේ
ඇයි මේ අහිංසක මිනිස්සුන්ට බොරුවට නඩු දාන්නේ? පාස්කු දවසේ පල්ලි ගිය මිනිස්සු තමයි වැරදි කාරයින්. තාම පල්ලි ගියපු එක මිනිහෙක් අත්අඩංගුවට අරගෙන නෑ. අහිංසක මුස්ලිම් මිනිස්සු තමයි හැම එකටම වැරදි කාරයින් කරලා බොරුවට හිරේ දාගෙන ඉන්නේ...
මිනීමරුවන් රටපාලනය කරනකොට ඒ බව දැන දැනම අහිංසකයෙක් සිරගත කරන්න කියලා නියෝග කරන්න අවංක විනිශ්චයකාරවරයෙකුට බැහැ. ගොරකා දඩ මස් කරන්න දක්ෂ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇට්ටරයින්ට ඉහළින් නියෝගයක් එන්න ඇති " මේ මිනිහාව නිදහස් කරන්න... ටික දවසකට පස්සේ වෙන තම්බි කෙනෙක්ව පොලිසියට කියලා අල්ලාගනිමු..." කියලා. මුළු ලෝකයම දන්නා ධර්මද්වීපයේ වැඩ කිඩ තව කොයිතරම් තියෙනවද..?