IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඕමානයෙනුත් ජනපතිට පොරොන්දුවක්

 

(සුජිත් හේවාජුලිගේ)

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) මහතා ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද (1) පෙරවරුවේ හමු වූ අවස්ථාවේදීය.

ඕමාන්  තානාපතිවරයා සේවය අවසන් කර දිවයිනෙන් පිටව යෑමට නියමිත අතර ජනාධිපති වරයා හමුවූයේ ඒ පිළිබඳව දැනුම් දීමටය.

ශ්‍රී ලාංකිකයෝ  25,000ක පමණ පිරිසක් මේ වනවිට ඕමානයේ රැකියාවන්හි නිරතව සිටිති.

පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමටද  සහාය වන ලෙස ජනාධිපතිවරයා  තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සයීඩ් අල් රෂ්ඩ් මහතාගේ වසර 08ක සේවා කාලයේදී  ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා  මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳවද සාකච්ඡා කළේය.

තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට නියමිත බවත්   දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට එහි සිටද කටයුතු කරන බවත්  රෂ්ඩ් මහතා ජනාධිපතිවරයා  සමග සඳහන් කළේය.

මේ අවස්ථාවට  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතාද සහභාගී විය.



අදහස් (4)

ඕමානයෙනුත් ජනපතිට පොරොන්දුවක්

sb Friday, 01 July 2022 07:33 PM

මෙන්න අපේ රටේ දේශපාලකයින්ට ඉගෙන ගන්න තියෙන හොඳ දෙයක් තමයි ‘‘ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට නියමිත බවත්" - ඒකනේ ඒ රටවල් හොඳින් වැජඹෙද්දී අපේ රට කෙලවිලාම යන්නේ... අපේ ඉන්න තානාපතිලා, පත්වෙන්නේ විදේශ අමාත්‍යාංශ සේවයෙන් නෙවෙයිනේ, දේශපාලන වරදාන ලෙස ඉතුරු කාලේ සතුටින් සැපෙන් ඉන්න දෙන වරමක් විදිහටනේ... ඒ අය තමන්ගේ කාලේ ඉවර වුණාම යන්නේ තමාගේ ගෙදරට මිසක් තානාපති සේවයට නෙවෙයි නේද? මම කිව්වේ බහුතරය...

:       0       12

de silva Saturday, 02 July 2022 01:35 AM

හැමෝම ෆිට් එක දෙනවා. නමුත් තෙල් නැවු නැත. බලාගෙන ගියාම මේ අයට බොක්කෙන්ම ඉන්නේ බේරෙ වැවේ නාපු හම්බන්තොට බයියන් කීප දෙනෙකු සහ පුත්තලම් බූරුවන් දෙතුන් දෙනෙකු පමණි.

:       11       11

Bamunuarachchi Saturday, 02 July 2022 08:08 AM

හැම රටක්ම කියන්නේ සපෝට් එක දෙන්නම් කියලා... හැබැයි මේ වනතුරු ඇමෙරිකාවෙන් ලැබුණු ඩොලර් මිලියන 20 විතරයි. වෙන කවුරුත් කරපු දෙයක් නැත.

:       12       1

Kumara Saturday, 02 July 2022 11:11 AM

තවත් හොරුන් හොයලා දෙන්නද?

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site