බිහිසුණු නව කොවිඩ් ප්‍රභේදය වන 'ඔමික්‍රෝන' ආසාදිතයකු හමුවීමත් සමඟ ජපන් රජය ද විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (30) දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රටවල සිට පැමිණෙන සංචාරකයන්ට ජපානයට ඇතුළුවීමට අවසර නොදෙන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසා තිබේ.
දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමග රටවල් 18 ක් පුරා පැතිරී ඇති නව කොවිඩ් ප්‍රභේදය නිසා ජපානයේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගනු ලබන බවද ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
නව ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්නා තුරු මුව ආවරණ පැළඳීම සහ අනෙකුත් මූලික සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යමින් සිය දෛනික කටයුතු ආරක්ෂාකරිව සිදුකර ගන්නා ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන ඉල්ලා සිටී.
ඔමික්‍රෝන් විකෘතිය අනෙකුත් කොවිඩ් ප්‍රභේද වලට වඩා භයානකද යන්න පැහැදිලි නැතැයි විද්‍යාඥයන් අනතුරු අඟවන විටත් බොහෝ රටවල් තම දේශසීමා දැඩි කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර ඊශ්‍රායලය, මොරොක්කෝව සහ ස්විට්සර්ලන්තය ආදී රටවල් මේ වන විටත් සියලුම විදේශ සංචාරකයින්ට තහනම් පැනවීමට පියවර ගෙන ඇත.
(ගාඩියන් ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔමික්‍රෝන් නිසා ජපානය වැසේ
කිරි පුතා Tuesday, 30 November 2021 04:19 PM
බිහිසුණු කියන වචනය දැනට භාවිතා නොකර ඉමු නේද? නව ප්‍රභේදය ගැන සියලු විස්තර දැනගත් පසු එහි ක්‍රියාකාරීතවය ගැන නිපාත යෙදීම සුදුසු යැයි සිතමි...
ඇමි Tuesday, 30 November 2021 04:21 PM
අන්න එහෙමයි.. දියුණු රටවල් මේ වගේ නෙමෙයි. විදේශ ආදායම කියලා ගුවන් තොටුපළවල් ඇරලා තියන්නේ නෑ. මුලදි කරන්න ඕන වැඩ අශ්වයා ඉස්තාලයෙන් ගියාට පස්සේ කරලා වැඩක් නෑ. හරි නම් දැන්ම වහන්න ඕනෑ.. යන්නේ නැති රටවල් වලට තහනම් දාලා වැඩක් නෑනේ වැහැව්වා කියන්න..