IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඔබට ඔබේ දෛවය වෙනස් කළ හැකිද?

බොහෝ දෙනකුට තිබෙන ඉතාම වැදගත්, උත්තරයක් දී ගත නොහැකි දුෂ්කර ප්‍රශ්නයකි ඉහත සඳහන් වන්නේ. එහෙත් අංක විද්‍යාව ප්‍රගුණ කළ, ඉතාම හොඳින් හදාරන ලද කෙනකුට තරමක් දුරට හෝ ශක්තිමත්ව මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට හැකියාව ලැබේ. විශ්වයේ සංයුතිය පංච මහා භූතයන්ගෙන් සෑදී තිබෙන බව ලොව පිළිගත් සත්‍යයයි.

එයට වෙනත් පිළිතුරක් දීමට හැකියාවක් නොමැත. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශෝ යන එම පංච මහා භූතයන් වේ. මේ පංච මහා බලවේග සියල්ල එකතු වීමෙන් උත්පත්ති, ස්ථිති, භංග (පිතාශය) යන බලවේග සෑදී තිබෙන බව ද පිළිගත් සත්‍යයකි. එය එසේ නම් ඊළඟට කළ යුත්තේ කුමක්ද යන්න ඊළඟ ප්‍රශ්නයයි. ලොව පහළ වූ විවිධ විද්වතුන්, ආගම් කතුවරයන් පෙන්වා දීමට උත්සාහ දරන ලද්දේ එම සත්‍යයයි. විවිධ ආගම්, දර්ශන තුළින් මෙය පැහැදිලි වේ. එය ඉතා විශාල කතාවකි. විග්‍රහයකට මෙය වෙලාව නොවේ.

මේ විශ්ලේෂණය උදෙසා ඉතාම හොඳ පදනමක් ඇත්තේ අංක විද්‍යාව තුළ යයි විග්‍රහ කළ විද්වතුන් රැසක්ද වෙති. මෙම විග්‍රහයන්ට අනුව අංක විද්‍යාවට ඇත්තේ ඉතාම කෙටි පරාසයකි. 1 සිට 0 දක්වා දක්වාත් හෝ 0 සිට 1 දක්වාත් එය වේ. එහි ඇත්තේ ඉලක්කම් 9 කි. මෙම ඉලක්කම් 9 පදනම් කරගෙන ලියා තිබෙන ලේඛන, ග්‍රන්ථ, ලිපි සමූහය සලකන විට NUMARALOGY හෙවත් ‘අංක විද්‍යාව’ යන්නෙහි වැදගත්කම වටහාගත හැකි වේ. සෑම අංකයකටම පෞරුෂයක් හා ශක්තියක් තිබේ යයි පයිතගරස් නමැති ගණිතඥයා විග්‍රහ කළේය. චරිත ලක්ෂණ විසින්ද ලිංගිකමය වශයෙන්ද මේවා වෙනස්වන බව ඔහු විශ්වාස කළේය. ඔත්තේ සංඛ්‍යා පුරුෂ ලිංගික බවක් ඉරට්ටේ සංඛ්‍යා ස්ත්‍රී ලිංගික බවත් ඔහු පෙන්වා දුන්නේය. තවදුරටත් මේ තත්ත්වයන් පහදා දීම උදෙසා ඔහු ඇකඩමියක්ද ආරම්භ කළ බව මුලින් පවසා තිබේ. එහෙත් එය දීර්ඝකාලයක් පවත්වාගෙන යාමට හෙතෙම උත්සාහ නොකළේය. එයට හැකියාවක්ද ඔහුට ලැබුණේ නැත. එහෙත් මෙය තවදුරටත් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන ලද්දේ ප්ලේටෝ සහ ෆිල්ලෝස් යන ශිෂ්‍යයන් දෙදෙනා විසිනි. එහෙත් ඔවුන්ට ද එය එතරම් දුරට ශක්තිමත්ව ගෙන යාමට ශක්තිය ලැබුණේ නැත. ඊටත් පසුව මෙම ඉගැන්වීම් ශක්තිමත්ව ප්‍රබලව ගෙනයන ලද්දේ ‘කෛරෝ’ (Chiro) විසිනි. කෙසේ වුවත් අංක විද්‍යාව ඉතාම විද්‍යාත්මක බව පයිතගරස් පෙන්වා දුන්නේය.

අංක විද්‍යාවෙන් කෙනකුගේ අතීතය, වර්තමානය, අනාගතය පිළිබඳව මනාව වටහාගත හැකි වන්නේය. මේ අනුව ජීවිතය ගොඩනගාගෙන සාර්ථක විය හැක්කේය යන විශ්වාසයේ සිටි ඇත්තෝ රැසක් අප අතර සිටිති. මෙම චරිත රැසක් අපට කතා කළ හැකි වන්නේය. එහෙත් එම චරිත ගැන දැන් කතා කිරීමට උත්සහ නොකරමි. මේ සඳහා බලවත් අංක, බලවත් දින, බලවත් වර්ෂ, බලවත් මාස, ආකර්ෂණීය වර්ණය, යෝග්‍ය රැකියාව, යෝග්‍ය විවාහය, යෝග්‍ය අධ්‍යාපනය, යෝග්‍ය මිතුරු මිතුරියන් සොයාගත හැකි වන්නේය. ජීවිතය ඵලදායී කර ගන්නට මේවා උපයෝගී කරගත හැකි වන්නේය. බාල, තරුණ, මහලු ඕනෑම කෙනකුට තම ජීවිතය හැඩගස්වා ගන්නට අංක විද්‍යාව උපයෝගී කරගත හැකිය. මේ අනුව සලකන විට මෙයද ගුප්ත ශාස්ත්‍රයකි. අංක විද්‍යාව එහෙන් මෙහෙන් නොව ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම වැදගත්ය. මේ සඳහා උපයෝගී කරගත හැකි ක්‍රම සහ ග්‍රන්ථ කීපයක් පෙන්වා දීම වැදගත් වේ. මෙම ග්‍රන්ථ එකක්වත් මෙතෙක් සිංහලෙන් පරිවර්තනය කර නැත. එහෙත් මෙම ලිපි භාවිත කරන අයට භාවිත කිරීමට මෙසේ ලියා තබමි.

♦ Romance in Your Name

ඔබේ නමේ අද්භූත ස්වභාවය

Prof. Juno (California)

♦ Your Days are Numbered (1931)

ඔබේ දින අංකගත කර ඇත

Flowrance Campbell

♦ The Secrets of Numbers (1937)

අංකවල රහස්

Jonson and Wonmark

♦ Numerlogy Workbook (1985)

අංක විද්‍යා වැඩපොත

Juliya Linege

වැනි ප්‍රධාන අංක ග්‍රන්ථ සමූහයකින් අංක විද්‍යාව විග්‍රහ කර තිබේ. ජ්‍යොතිෂ විද්‍යාවේ මුල් බිම ලෙස සලකන ඉන්දියාවේද අංක විද්‍යාව පිළිබඳව සැලකිල්ලක් දක්වා තිබේ.

Secrets of Numeralogy (1992)

Prof. Ravindra Kumar

 

Indian Numerlogy (1994)

Prof. Narayan Dult Srimalee

ඉන්දියාවේ ප්‍රකාශිත මෙම ග්‍රන්ථ අංක විද්‍යාවේ මූලිකත්වය පෙන්වන ප්‍රධාන ග්‍රන්ථ වේ. මෙයටත් වඩා අංක විද්‍යාවේ ප්‍රචරිත ග්‍රන්ථ වන්නේ කෛරෝ (Chiro) ගේ ග්‍රන්ථ සමූහයයි.

Book of Plamistry – Numerlogy and Astrology (Cheiro's)

Married and Love (Cheiro's)

Number's (Cheiro's)

Guide to Lord (Cheiro's)

වැනි ග්‍රන්ථ සමූහයක් ඉන්දියාවෙන් හමුවී තිබේ. අංක විද්‍යාව වෙනුවෙන් වඩාත්ම ලොව ප්‍රකටව ඇත්තේ මෙම ග්‍රන්ථ සමූහයයි. මේ ලොව පුරා ප්‍රචලිත ග්‍රන්ථ සමූහයෙන් කිහිපයක් පමණකි. මෙම තත්ත්වය තුළින් ඔබට අංක විද්‍යාවේ වැදගත්කම වැටහෙනු ඇත.

ඔබේ ජීවිතයට වැදගත් වන විවාහය, අධ්‍යාපනය, රැකියාව, යෝග්‍ය සියලුම දෙය තෝරා ගැනීමට අංක විද්‍යාව උපයෝගී කරගත හැකිය. මේ සෑම දෙයක් ගැනම කතා කර ඇතත් බොහොමයක් ග්‍රන්ථ ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. එක්කෝ ඒ ඒ ජාතීන්ට අයත් භාෂාවෙනි. මේ නිසා පොතක් තෝරා ගැනීමේ දුෂ්කරතාවට මුහුණ දීමට ඔබට සිදුවේ.

මෙම ලිපිපෙළ ආරම්භයේදීම අංක විද්‍යාවේ වැදගත්කම පිළිබඳව සටහනක් කළෙමු. ඔබට ඔබ කවුදැයි වටහාදීම ඉතාම වැදගත් වෙයි. මේ සඳහා උපයෝගී කරගත හැකි විද්‍යාවන් අතුරින් අංක විද්‍යාව ප්‍රධාන තැනක් ගනී. සියල්ල පවතින හැටියට ප්‍රයෝජන ගැනීමට වඩා වෙනස් කිරීමට උදව් කිරීමට මනසේ බලවේගයක්, උත්සාහයක් ගත හැකිනම් එය සාර්ථකත්වයේ පදනම වේ. මේ සඳහා සංඛ්‍යා විද්‍යාත්මකව ක්‍රියාත්මක වීම ඉතාම යහපත් වේ. සියලුම ආගම්, දර්ශන තුළින් සිද්ධ වන්නේ එම තත්ත්වයයි. පවතින දෙය පවතින තත්ත්වය වඩා වෙනස් කිරීම රුකුලක් සංඛ්‍යා විද්‍යාවෙන් ලැබේ. අධ්‍යාපනය කියන්නේ ද එයයි. එය කළ හැක්කේ ද අධ්‍යාපනයෙනි. තමන් කවරෙක්ද? යන්න වටහා ගැනීම හොඳම අධ්‍යාපනය බව අධ්‍යාපනවේදීන්ගේ මතයයි. කුමන වේදයකින් වේවා, ශාස්ත්‍රයකින් වේවා, ආගමකින් වේවා, දර්ශනයකින් වේවා, විද්‍යාවකින් වේවා මෙය දැන ගැනීමේ වරදක් ඇතැයි නොසිතේ. කුමන ආකාරයකින් වේවා මෙම තත්ත්වයන් දැනගැනීම ඉතාමත් වැදගත්ය. කුමන ආකාරයකින් වේවා විද්‍යාවකින් ආගමකින් දර්ශනයකින් වේවා එය කළ හැකිනම් මෙය ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. මේ අනුව ලොව පුරා ප්‍රචලිතව කුමන ධර්මයක් වේවා කුමන විද්‍යාවක් වේවා කුමන ආගමක් වේවා ප්‍රගුණ කිරීම වරදක් නොවේ. එහෙත් ඒ එකක් හෝ බලයෙන් මිනිසා වෙත පැවරිය නොහැක. අද සමහර දහම් මේ බලහත්කාරයට යොමු වී තිබේ.

මේ අන්දමට ගත්විට අංක විද්‍යාවද එවන් ශාස්ත්‍රීය සංග්‍රහයකි. පවතින භෞතික බලවේගයන් ඉක්මවා යමින් කටයුතු කිරීමට ශක්තියක් තිබේ නම් ඉතාම වැදගත්ය. ජීවිතයේ සියලුම දෙය කර්මයට බාර දී සිටිනවාට වඩා මානසික බලවේගය ඉදිරියට ගැනීම ඉතාම වැදගත්ය. මේ බව බුදු දහම ද පෙන්වා දෙයි. යම් යම් අංකවලින් මේ තත්ත්වය පහදා දෙන බව පෙනෙයි. උපතේ සිටම අංක බලපාන බව පෙන්වා දිය හැකිය.

කෙනකුගේ දෛවය වෙනස් කළ හැකිද යන ප්‍රශ්නය මෙම ලිපිය ආරම්භයේදීම ඔබෙන් ඇසුවා මට මතකය. එයට හොඳම පිළිතුර වන්නේ කෙනකු බුද්ධිමත් නම් දෛවය වෙනස් කළ හැකිය යන්නයි. ලෝකයේ බලවතුන් රැසක්ම මේ තත්ත්වය ලෝකයට පෙන්වා දී හමාරය. විශේෂ ලිපියකින් මෙය පසුව පහදා දෙන්නෙමි.

නැපෝලියන් බොනපාර්ට්, ජේ.වී. නාරායන්, අගමැති ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි මැතිනිය, ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ලාල් බනදුර් ශාස්ත්‍රී ආදීන් මෙයට ජීවමාන උත්තර සපයයි.

කෙනකුගේ නමේ අංකය මෙයට පැහැදිලි පිළිතුරු සපයයි. බොනපාර්ට් නාමය නැපෝලියන්ම ලිත් භාවිත කළේ Bounapart වශයෙනි. එහිදී ඔහුගේ නැග්ම, පැවැත්ම ඉතාම ප්‍රබල විය. එහෙත් පසුකාලීනව කෙනකුගේ උපදෙස් මත ඔහු Bonapart වශයෙන් අක්ෂරය අයින් කර භාවිත කරන්නට පටන් ගත්තේලු. එදා පටන් සිද්ධ වී තිබෙන්නේ ඔහුගේ බැස්මය. පරිහානියයි. මේ වැනි උපදෙස් සහ නම් වෙනස් කිරීම මත සිද්ධ වූ අයහපත් රැසකට නිදසුන් පෙන්වා දීමට පුළුවන. අත්තෙන්ම නමේ අංකයෙන් කියන්නේ ස්වාභාවධර්මයේ නීතියයි. Law of Nature වේ. මෙය අනවශ්‍ය ලෙස වෙනස් කිරීමට කිසිවකුට පුළුවන්කමක් නැත. එසේ උත්සාහ කිරීමත් විනාශයේ මුල වේ. මෙයින් අපට පෙන්වා දෙන සත්‍යය වන්නේ අංක විද්‍යාව ගුප්ත විද්‍යාවන් අතර බලවත් එකක් බවයි.

 

ඩී.ඇම්. ධර්මසේන

මීගොඩ.



අදහස් (1)

ඔබට ඔබේ දෛවය වෙනස් කළ හැකිද?

Shashika Saturday, 17 June 2023 08:34 PM

උත්සාහය නොවේ නම් එය වෙනස්වේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31148 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site