
(විමුක්ති එස් රුද්‍රිගු)
මැද පෙරදිග උද්ගතවෙමින් පවතින තත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් යාත්‍රා කිරීමේදී බාධා එල්ලවීමත් සමග ඊට විසඳුමක් ලෙස දිනකට අමතර බොරතෙල් බැරල් 206,000ක් බොරතෙල් වෙළෙඳපොළට එක් කිරීමට සෞදි අරාබිය, රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තවත් ඔපෙක් ප්ලස් සංවිධානයේ රටවල් පහක් තීරණයකට එළැඹ ඇත.
ඉරාන අර්බුදය හමුවේ දිනකට නිපදවන බොරතෙල් බැරල් ප්‍රමාණය 137,000 කින් වැඩි කිරීමට ඔපෙක් ප්ලස් සංවිධානය කටයුතු කරනු ඇතැයි විශේෂඥයින් පුරෝකතනය කර තිබූ අතර එම පුරෝකතන ඉක්මවා යමින් මෙලෙස දිනකට බැරල් 206,000 කින් බොරතෙල් නිෂ්පාදනය ඉහළ දැමීමට ඔපෙක් ප්ලස් සංවිධානය කටයුතු කර තිබේ.
පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වන අතර එය ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකකි.
කෙසේ වෙතත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබුණේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයට කිසිඳු අදහසක් නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd