
(දයාරත්න ඇඹෝගම)
කටුවෙල,මෙත්තජී පුරාණ රජමහ විහාරස්ථානයේ තිබු වසර 1200 ක් පැරණි ඓතිහාසික වටිනා කමකින් යුක්ත කිරිගරුඩ ගලෙන් නිමවු කිලෝ 300ක් පමණ බරැති සිරිපතුල සොරා ගත්තේ යැයි කියන 50 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආනන්කට්ටිය,පුනෑවේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
කටුවෙල,මෙත්තජී පුරාණ රජමහ විහාරාධිපති තෝනිගල සීලරතන හිමයන් විසින් මෙම සිරිපතුල පසුගිය 06 වැනි දින කිසිවෙකු විසින් සොරා ගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි කොට තිබුණි.
ඒ අනුව පොලිසිය විසින් සිදුකළ දිර්ඝ විමර්ශණයෙන් පසුව සැකකරුගේ නිවසේ සගවා තිබු සිරිපතුලේ කඩා දමා තිබු කොටස් හා සිරිපතුල ප්‍රවාහනය කිරිම සදහා භාවිතා කළ ඩිමෝ වර්ගයේ බට්ටා ලොරියද පොලිස් බාරයට ගෙන තිබුණි.
සැකකරු සිරිපතුල තුළ මැණික් ඇතැයි සිතා සිරිපතුල කඩා බිද දමන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.
සොරා ගන්නා ලද මෙම ඓතිහාසික වටිනා කමකින් යුක්ත සිරිපතුල අඩි දෙක හමාරක් දිග,අඩි දෙකක් පළල,අඩි දෙකක් උසින් යුක්ත බවත් එහි ලියවැල් කොට තිබු බවත් කටුවෙල,මෙත්තජී පුරාණ රජමහ විහාරාධිපති පුජ්‍ය තෝනිගල සීලරතන හිමියෝ පැවසුහ.
සැකකරු අද (20)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජාසත්ත කුමාරයා, බිම්බිසාර රජුට කළදේ .... මොවුන්ටත් කළ යුතුයි.
මෙයා ලව්වා බැරිවෙයිද අර කැලණි නයිකාරයාවයි මහනුවර හයිවේ කාරයාවයි උස්සන්න....?
කාලකන්නිම ජාතියක්. මේ වගේ අය රටේ බරට ඉන්නවා. ඒ නිසා රට යන්නේ අගාධයටමයි. යමක් හොරකම් කර ගැනීමේ අරමුණින්ම ජීවත්වන කාලකණ්ණි...