( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින්ට හෙට ( 12) සිට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට ඒක්සත් අරාබි එමීර් රාජ්‍යය රජය තීරණය කර ඇත.
ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහා බව එමීරයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.
එම රටවල් වල සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එමීර් රජය මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට සිට එමීරය වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොඳ තීරණයක්. විශේෂයෙන් ශ්‍රී ලාංකික මිනිස් බෝම්බ වලට දැඩි තහංචියක් පනවන්න දීර්ඝ කාලයකට එම රටවලට පැමිණීමට නොහැකි වන ලෙස. හැකිනම්, ඉන්දියන්, පකිස්තාන් ඇතුළු අනෙක් ජාතීන් ලංකාවට නිරෝධානය සඳහා පිටත් කර එවන්න. ලංකාවේ කොරෝනා බිස්නස් එක ජයටම නැගලා යනවා.