IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘එයිට්කන් ස්පෙන්ස්’ වඩාත්ම ගෞරවණීය සමාගම් 15 අතරට

මේ වසරේදී ශේණිගත කරන ලද ව්‍යාපාරික සමාගම් අතුරින් ජාතියේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ සමාගම් 15 අතරට පැමිණීමට ‘ඒට්කන් ස්පෙන්ස්’ පී.එල්.සී. සමාගම සමත් වී තිබේ. ලංකා මන්ත්ලි ඩයිජස්ට් (LMD) සඟරාව විසින් මෙම වාර්ෂික ශ්‍රේණිගත කිරීම කරනු ලැබ ඇත්තේ සුප්‍රකට නීල්සන් තොරතුරු තාක්‍ෂණ සමාගමේ විචක්‍ෂණ සමීක්‍ෂණයක තොරතුරු පාදක කරගනිමිනි.

අවිනිශ්චිතතාව ආවේණික ලක්‍ෂණයක් වන ව්‍යාපාරික පද්ධතියක ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සමාජයීය සහ ආර්ථික ප්‍රගතියේ උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කරන බැවින්ය යන්න පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව ඇති කාරණාවකි.

වසර 150 කටත් වැඩි ඉතිහාසයක් ඇති එයිට්කන්ස් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන අංශවල පුරෝගාමී කටයුතුවල නිරත වෙයි. සංචාරක සේවා, නාවික සේවා සහ සැපයුම්, බලශක්ති, වැවිලි කර්මාන්තය සහ ඇඟලු‍ම් නිෂ්පාදනය එයිට්කන් ස්පෙන්ස් සමාගමේ ප්‍රධානතම ව්‍යාපාර වන අතර වෙනත් සේවාද රැසකි.

සේවකයන් 12,000 කට අධික කණ්ඩායමක ඒකාබද්ධ දායකත්වය නිසාම එයිට්කන් ස්පෙන්ස් සමාගමට රටවල් 8 ක විවිධ ව්‍යාපාර අතරේ ප්‍රමුඛ ස්ථානයක් හිමි වී තිබේ.  එමගින් ශ්‍රී ලාංකික සමාගමක් වශයෙන් එයිට්කන් ස්පෙන්ස් සමාගමට හිමිවී ඇති තිරසාර වටිනාකමද ඉතා ඉහළ අගයක් ගනී.

ලබාගත් ඉහළ ශ්‍රේණිගත ස්ථානය පිළිබඳව අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස් සමාගමේ උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා තම ආයතනය කෙරේ විශ්වාසය තැබූ සියලු‍ දෙනාටම සිය නොමඳ කෘතඥතාව පළකර සිටියේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මෙම අභියෝගාත්මක අවස්ථාවල අප කෙරේ විශ්වාසය තැබූ මෙන්ම විශේෂයෙන් අපට උපකාර කළ සැමට ස්තුති කරන්න මා කැමතියි. ඒ වගේම අප මෙතෙක් දුරක් ආ ගමන ලෙසින්ම, කාලයේ අභියෝගවලට මුහුණ දෙමින්, එයිට්කන් ස්පෙන්ස් සමාගම අඛණ්ඩව ඉදිරියටත් ගමන් කරනු ඇති”

“අපේ මිනිසුන්ට සහ විවිධ ජන ප්‍රජාවට නිමක් නැති අවස්ථා නිර්මාණය කිරීම සඳහා සංකීර්ණ හා වෙනස්වීම් වලට අනුවර්තනය වෙමින් එයිට්කන් ස්පෙන්ස් සමාගම ඉදිරියට ගමන් කරාවි”

“අප ආයතනයේ කීර්තිනාමය අත්කරගෙන ඇත්තේ අඛණ්ඩවම විශිෂ්ටත්වය කරා ළඟාවෙමින්, නව අවස්ථා ප්‍රයෝජනයට ගැනීමෙන් සීමා මායිම් වඩාත් පුළුල් කරමින් ඉදිරියට ගෙන යමිනි. අපගේ ප්‍රමුඛතා නැවත සකස් කරමින් සහ ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරමින් සමාගමේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට අපි උත්සාහ කළා.”

ගෞරවණීය ආයතනයක පදනම වන්නේ විශ්වාසය, වගවීම, ශක්‍යතාව, විනිවිදභාවය, අඛණ්ඩතාව සහ කණ්ඩායම් හැඟීම බව එයිට්කන් සපෙන්ස් සමාගමේ විශ්වාසයයි. ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේත්, සියලු‍ම පාර්ශ්වකරුවන් සඳහා වටිනාකමක් ඇති කරන්නේත් ඒ අනුවය.

එයිට්කන් ස්පෙන්ස් යනු වසර 150 ක පෞඪ ඉතිහාසයක් ඇති, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ලද, ස්ථාවර සමාගමකි. එය රටවල් 8 ක කර්මාන්තශාලා 16 ක් පවත්වාගෙන යමින්, සේවකයන් 12,000 කට අධික සංඛ්‍යාවක් නඩත්තු කරයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශයේ එහි ව්‍යාපාර පවත්වාගෙන යනු ලැබේ.



අදහස් (1)

‘එයිට්කන් ස්පෙන්ස්’ වඩාත්ම ගෞරවණීය සමාගම් 15 අතරට

Naveen Wednesday, 27 October 2021 09:48 AM

ඔවුන් කුලියට ගත් ඔවුන්ගේ මාර්ගෝපදේශකයින්ට සහ රියදුරන්ට තවමත් වැටුප් ගෙවා නැත.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site