IMG-LOGO

එන්නතක් විස වී දකුණු කොරියාවේ 13 ක් මරුට

දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ මරණ හා එන්නත අතර සම්බන්ධයක් ඇති බවට ඔවුන් විශ්වාස නොකරන බවයි.
 
මේ වනවිට දකුණු කොරියාවේ මිලියන 13ක පමණ පිරිසකට උණ රෝගය වැළඳී තිබේ.
 
පසුගිය මාසයේ සිට නොමිලයේ එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අතර රටේ මිලියන 19ක පමණ ජනතාවක් එන්නත් කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. එන්නත් කිරීමෙන් පසු මුලින්ම මියගොස් ඇත්තේ 17 හැවිරිදි පිරිමි ළමයෙකි.
 
වාර්තාවූ අනෙක් මරණ සියල්ල වැඩිහිටි පුද්ගලයන්ගේ වන අතර ඔවුන්ගෙන් අට දෙනකුට පමණ වෙනත් රෝග ද තිබී ඇතැයි සඳහන් වේ.
 
මරණ සම්බන්දව පරීක්ෂණ සිදුකරන කණ්ඩායමේ නායකත්වය දරන මහාචාරය කිමි ජුන් කෝන් මහතා එන්නත් වැඩසටහනේ සුරක්ෂිත බව පිළිබඳව ජනතාවට සහතික වී ඇති අතර මරණ සිදුවී ඇත්තේ උණ රෝගයේ ප්‍රතිඵලයක් ලෙස නොවන බව ඔහු කියා සිටියි. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන අතර කොවිඩ් - 19 සඳහාද පරීක්ෂණ කරන බව හෙතෙම පවසයි.
 
දකුණු කොරියාවේ එන්නත් වැඩසටහන කෙරෙහි ජනත්වගේ විශ්වාසය බිඳ වැටුණු දෙවන අවස්ථාව මෙයයි. ශීතාගාර තත්ත්වයේ පවත්වා ගතයුතු එන්නතක් ප්‍රවාහනයේදී කාමර උෂ්ණත්වයට නිරාවරණය වී ඇති බව අනාවරණය වීමෙන් පසු එන්නත් මාත්‍රා මිලියන පහක් තහනම් කිරීමට සති තුනකට පෙර දකුණු කොරියානු බලධාරීන්ට සිදුවිය.
 
මියගිය කිසිවකට එම එන්නත් ලබාදී නොමැති බවට වෛද්‍යවරු සහතික කරති. කෙසේවුවද මහාචාර්ය කිම් පවසන්නේ එන්නත් කිරීමේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන බවයි.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

එන්නතක් විස වී දකුණු කොරියාවේ 13 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site