
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නැවත පණගැන්වීමේ පියවරක් ලෙස මෙරට ‘කොවිඩ්’ මර්දන එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව සෙසු රටවල් දැනුවත් කරන බවත් ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් මෙරට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරගැනීමට අදාල රටවල් සමඟ වෙන්වෙන්ව සාකච්ඡා කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඉලක්කගත වැඩසටහනක් යටතේ සංචාරක කර්මාන්ත නැවත යථා තත්වයට පත්කිරීමට රජය පහසුකම් සැළසීමට සූදානම් බව කී මුදල් අමාත්‍යවරයා පැවසුවේ යුද සමයේ ද මේ ආකාරයටම සංචාරක කර්මාන්තට බලපෑම් එල්ල වූ අවස්ථාවේදී එම අභියෝගය ජයගත් බවත්ය.
වසංගත තත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යෑමෙ සඳහා විවිධ සහන පැකේජ හදුන්වා දී ඇති බවත් ඒවා අධ්‍යනය කර ශ්‍රී ලංකාව ද තරගකාරී සහජ පැකේජ ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත නැවත සක්‍රීය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් අද මුදල් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එසේ පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාර්ථකත්වයේ තරම පේනවා... දිනපතා මැරෙන, ඒ වගේම වැඩිවෙන ආසාදිතයින්ගෙන්... තමුන්ලාගේ සාර්ථකත්වය ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ලෝකෙට පේන්නම තියෙනවා...
මෙයා කියන දේවල් පිළිගන්න ??
කාලකණ්ණි. මකබෑවිලාම යන්න ඕනේ...
පව් අනේ.. ලංකාවේ දේශපාලකයින් හිතන්නේ ජාත්‍යන්තරය ලංකාවේ ජනතාව වගේම කියලා... වර්ල්ඩෝ මීටරයට අනුව දිනක මරණ ගණන අනුව අද ලංකාව ඉන්නේ 26 වැනි තැන.. අවිධිමත් එන්නත් කරණය, මරණ ගණන, PCR කරන ප්‍රමාණය වගේ සාධක නොසලකා කෝටි ගණන් වියදම් කරලා මාර්කටින් කැම්පේන් කළාට වැඩක් තියෙනවාද? ජාත්‍යන්තර මාධ්‍ය, සමාජ මාධ්‍ය වල සංසරණය වන තොරතුරු සංචාරකයෙක් නොවෙයි... ලාංකිකයෙක් වුණත් එන්න පැකිලෙනවා.. ඒ මදිවට මානව හිමිකම්...!!!
බොරු පම්පෝරි කතා වැඩක් නෑ. ආර්ථික බුද්ධිමතුන් දිගින් දිගටම කීවේ ඔය උපදේශය තමා. හැබැයි සල්ලි ටික අරගෙන මාටියා ගහ ගහ පිස්සු කෙලියොත් රට කබලෙන් ලිපට. ඔය මානුශවාදි ලෝක බැංකුව IMF ණය දෙන්නේ රට හදන ක්රමෝපායන් සහ කොන්දේසි පිට බව දැනගන්න. නැතුව මොල හත ගැන හිතල නෙවෙයි. නොදන්න අයගේ දැන ගැනීමටයි මේ කියන්නෙ.
අනේ මොනවද මේ බොරු විකාර .බොරුව බොරුව හැම තැනම .පාලකයාගේ සිටම
මෙයා කතා කරන්නේ කටින් නෙවෙයි...
බැසිල් සර් කිව්වානම් මුළු ලෝකෙම අහනවා. දැන් ඔය ඇමෙරිකාවටවත් උපදෙස් දීලානේ මෙහෙට ඇවිත් ඉන්නේ. අපේ පූරුවේ පින් තමයි මේ ඵලදීලා තියෙන්නේ...
සියලු දෙය දත් රටට ඔබ දෙවියෙක්
පළමු එන්නත ලබාගෙන දෙවන එන්නත ගන්න කාලය පැනපු දෙවැනි එන්නත තවම ලැබී නැති ලක්ෂ ගණනක් ඉන්නවා මේ ගොල්ලන් කියන සාර්ථකත්වය එ්කෙන්ම පේනවා...
අපි බලාගෙන ඉන්නේ මේ ‘‘ඔලු බක්කෝ තොයිලය‘‘ කවද්ද ඉවර වෙන්නේ කියලා...?
ආයෙත් සැරයක් "අපි තමයි හොඳටම කෙරුවේ" කියලා කියන්න නම් එපා. "කොවිඩ්" එකක් ගැන ඒවා හැදුණු මිනිස්සු පිටරටවල් වලින් ගෙන්වලා පර්යේෂණ කරපු කෙනෙක්ද මේ මුට්ටි ගඟට හැලීම, පැණි බීම සහ රතුපාට නූල් පැළඳීම වගේ දේවල් එන්නතට වැඩිය හොඳයි කියලා කයිවාරු ගහපු කට්ටියත් ළඟ තියාගෙන එන්නතේ සාර්ථකත්වය ගැන ලෝකෙට කියාදෙන්න යන්නේ? අනේ අනිච්චන්...
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...
තවත් ගොසිප් එකක්...!!!
තව සැරයක් ඔක්කොම අතහැරලා සති දෙකකට පොඩි සැපක් ගන්න ඇමරිකාව පැත්තට ගිහිං ආපසු ඇවිත් අලුත් ඇමැතිකමක ආයිත් දිවුරුම් දෙමු. එතකොට අලුත්ම කථාවක් එක්ක පරණ ෆේල් වෙච්ච දේවල් මිනිස්සුන්ට අමතක වෙලා තියෙයි.