(රනජන් කස්තුරි)

කොරෝනා මර්දන එන්නත් ලබාගැනීම සඳහා කොළඹ විහාරමහාදේවි උද්‍යානය සහ කොළඹ නගරයේ ස්ථාන කීපයකම අද දවසපුරා දිගු පොලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

වයස අවුරුදු  30ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව විහාරමහාදේවි උද්‍යානයේදී අද දවස පුරාම ලබා දෙන අතර දහස් ගනන් ජනතාවට පැය ගණනක් දිගු පොලිම්වල සිටින අයුරු දක්නට ලැබිණි.

කොළඹ,සුගතදාස ක්‍රීඩාංගනය, බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව, නාරාහේන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ හමුදා පරිශ්‍රය ඇතුළු ස්ථාන ද දිවයිනේ බොහෝ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට එන්නත් ලබාගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ.

බණ්ඩාරගම සෞඛය වෛද්‍ය කාර්යාලයට පැමිණි සිටි පිරිස (බිමල් ශ්‍යාමන් ජයසිංහ)