(ඩයනා උදයංගනී)
වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයකුට දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් පළමු එන්නත් මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සලසා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මෙරට වයස අවුරුදු 18ට වැඩි සමස්ත ජනගහණයට ලබන සැප්තැම්බර් මාසයට පෙර එන්නත් මාත්‍රා දෙකම ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර ඇතැයි කී ජනාධිපතිවරයා තෙවන මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම් බව කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ ජනාධිපති කාර්යාලයේ අද (06) පෙරවරුවේ පැවති හමුවක් අමතමිනි.
කොවිඩ් ආසාදිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට මෙහිදී උපදෙස් ලබාදුන්නේය.
කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාම නිසා ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එහෙම ස්ථාන දෙකකට ගියා .නමුත් ප්‍රතික්ෂේප කළා .වයස 81 ක් .මගේ බිරිඳ අභාධිත කෙනෙක් .අපිට මොන ඉන්ජෙක්ෂන් එකක් වත් ගහ ගන්න විදිහක් නෑ
පුත්තලම දිස්ත්‍රික්කයේ පළමු මාත්‍රාවත් නොදීපු තැන් තියෙනවාලු. ඒ ගැනත් අවධානය යොමුකරන්න
සති 3 කට පමණ පෙර දියතේ සයිනොෆාම් එන්නත දීලා. දෙවන එන්නත ගන්න මේ සතියේ මිිනිස්සු එතැනට ගියාම එතන කවුරුත් දන්නෙ නැහැ 2 වන එන්නත දෙනදිනය. ලබන සතියේ ඇවිත් බලන්න කියනවා. අනවශ්‍ය ගමන් බිමන් සීමා කරවන්නේත් නැහැනේ..
අවු 18ට වැඩි රැකියා හෝ උසස් අධ්‍යාපනය හදාරන ආධුනික පුහුණුව ලබන සැමදෙනාටම එන්නත ලබා ගැනීමට පහසුකම් දෙන්න. අත්‍යාවශ්‍ය බව තේරුම්ගත යුතුය.