(කේ.ආර්.රාජමන්ත‍්‍රී)

කොරොනා වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දෙන ප්‍රතිශක්ති එන්නත් ලබා නෙගන්නා පිරිස්වලට ඉදිරියේදි ඌව පළාතේ රාජ්‍ය ආයතනවලට හෝ මුස්ලිම් පල්ලිවට ඇතුලූ විමට අවසර නොදෙන බව ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසාමිල් මහතා පසයි.

ඒ මහතා එම අදහස් පළ කළේ වැලිමඩ ප‍්‍රාදේශිය සභාව  වැලිමඩ නගරයේ ඉදිකළ පදික වෙළඳකුටි 61 විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජනහමුවේදිය.

ලෝකය පුරා පැතිරි ඇති කොරොනා වසංගතයෙන් අපේ රටේ ජනතාව බේරා ගැනිමට ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලූ රජය සෞඛ්‍ය අංශ හා ත‍්‍රීවිධ හමුදාව විශාල වෙසෙක් දරණවා. 

මෙම පැතිරිම වලකා ගන්න රජය රුපියල් කෝටි ගනන් මුදල් වැයකරමින් එන්නත් ගෙනවිත් තිබෙනවා.

නමුත් ඇතැම් දෙනා මෙම එන්නත් ලබා නොගන්නා බවට දැනගන්න තිබෙනවා’ මෙයින් මුස්ලිම් මගේ සහෝදරයන්ද අකමැත්ත ප‍්‍රකාශ කරණවා. අපිට කිසිවකුටත් බලහත්කාරයෙන් එන්නත් විදින්න ඕනෑකමක් නෑ. මම මොණරාගල හා වැල්ලවාය මුස්ලිම් සහෝදරයන් හමුවි කොරොනා ප‍්‍රතිශක්ති එන්නත ලබා ගැනිම පිළිබදව කරුණු පැහැදිලි කළා. 

ලංකාවේ ඉන්න හැදෙනාම රජයෙන් ලබාදෙන මෙම එන්නත විඳගත යුතුමයි. එසේ එනනත විඳ නොගන්න ඌවේ ජනතාව පිළිබදව අපිට හැමෝගේම යහපත ගැන සිතලා තීරණයක් ගන්න වෙනවා.

ඌව පළාතේ අමාත්‍යාංශ ප‍්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාල හා ප‍්‍රාදේශිය සභාවලින් සේවා ලබා ගන්න එන ජනතාව හා මුස්ලිම් පල්ලිකරා එන පිරිස් කොරොනා ප‍්‍රතිශක්ති එන්නත් ලබාගෙන සිටිම අනිවාර්ය්‍ය වෙනවා. ප්‍රතිශක්ති එන්නත් සිදුකිරිමෙන් පසු නිකුත් කරණ සටහන රැගෙන නොපැමිණෙන අය අදාල ආයතනවලට ඇතුලූ නොකර ගැනිමට ඉදිරියේදි සැලසුම් සැකසිමට පියවර ගන්නා බව ඌව ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසාමිල් මහතා වැඩිදුරටත් පැවසිය.