(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම් උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී "ජයගමු" යන තේමාවෙන් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය,තරුණ බලවේගය සහ පක්ෂයේ සියලු දෙනා එක්ව වැඩකරන ජනතාවගේ මැයි දිනය ලෙස මෙවර කම්කරු දිනය සමරන බව ද එජාප උප නායකවරයා සඳහන් කළේ ය.
අර්බුදයෙන් රට ගොඩ ගෙන නව මාවතකට ගෙන ඒමට මූලික වූ පක්ෂයක් ලෙස මෙවර එජාපය අභිමානවත් ලෙස මැයි දිනය සමරන බව ද එජාප උප නායකවරයා සඳහන් කළේ ය. පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ක්‍රියා කරන හෙයින් මෙවර එජාප මැයි දිනයට සහභාගී නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන ,මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, මහත්වරුන් ප්‍රමුඛ එජාප නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙවර මැයි දිනය සංවිධාන කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප මැයි රැලියට ජනපති නෑ
chandima Thursday, 27 April 2023 01:06 AM
දැන් ඉතින් ඕවට එන්නේ මොනවා කරන්නද ?යනවානම් යන්නේ දිව්‍ය සභා වලට තමයි වීසා ගහගන්න
ලුම්බිණි Thursday, 27 April 2023 04:40 AM
මම හිතුවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ මැයි රැලියට යනවා කියලා
දියවන්නාවේ කිබුලා Thursday, 27 April 2023 07:21 AM
අර්බුදය හැදුවේ උගේ පංතියේ එවුන් . ඒක සමනය කලෙත් උන්ම කියලා කියා ගන්නවා. මැයි දිනේ අයිති තොපිට නෙමේ. තොපේ පංතියේ බොරු වලට රැවටෙන්නේ නෑ. තොපේ වලවු වල සැපට ඉන්න එවුන් එක්කන් ඇවිත් රැලි කරගනිල්ලා. දේශපාලන පංතිය තොපි රටම රැවැට්ටුවා.
sena Thursday, 27 April 2023 10:59 AM
එන්න ලැජ්ජා ඇති ඒකයි
Sunil Thursday, 27 April 2023 01:29 PM
ආවොත් ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචරය හොන්දහැටිදන්නව. අර්තික අර්බුදයෙන් රට ගොඩගත්තයුතුයි කීවත් රට තවමත් භයානක ආර්තික අර්බුදයක. බන්ගලි දේශයෙන් ගත් ඩොලර් මිලියන 250 නයෙන් කොටසක්වත් ගෙවගන්න වසර 2 මුලුල්ලේ බැරි වුනා.
Surain Thursday, 27 April 2023 02:44 PM
අනේ පවු ඔය රැස්වීමට එන්නෙත් 3 නේද