
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එච්.සී.එෆ්.සී වායුව නිකුත් කරන ශීතකරණ සහ වායු සමීකරණ ලංකාවට ආනයනය කිරීම තහනම් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාත්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කීවේ එකතු කළ අගය මත මත (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
පිළිබඳ විවාදය අමතමිනි.
අප රටේ ශීතකරණ සහ වායු සමීකරණ බොහොමයකට භාවිත කරන්නේ හයිඩ්‍රො ක්ලෝරො ක්ලෝරෝ කාබන්. එච්.සී.එෆ්.සී වායුව නිකුත් වීම ඕසෝන් ස්ථරයට අහිතකර වන බැවින් එම වායු නිකුත් කිරීම අවම කිරීමට අපි වියානා සමුළුව මගින් බැඳිලා ඉන්නවා.එම නිසා එච්.සී.එෆ්.සී වායුව නිකුත් කරන ශීතකරණ සහ වායු සමීකරණ 2026 ජුනි 6 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේ රටට ආනයනය තහනම් කිරීමටත් එච්.සී.එෆ්.සී වායුව සඳහා යොදා ගන්නා සම්පීඩක 2028 ජනවාරි 1 සිට ඉදිරියට බල පැවැත්වෙන පරිදි රටට ආනයනය කිරීම නතර කිරීමත් මෙම රෙගුලාසි මගින් බලාපොරොත්තු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd