එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 31 ක ජයක් අත්කරගත්තේය.
තරගය සඳහා වාර්ෂාවෙන් බාධා ඇතිවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටි අතර ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය අනුව තරගය ජයගැනීමට නම් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171 ක් රැස්කළ යුතුව තිබිණ.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබාගත්තේය. ලසිත් මාලිංග ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.
විස්තරාත්මක වාර්තා සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ මැච් එකනම් දිනනවා දිනනවාමයි ඔන්න.
ජයග්‍රහණයට වඩා සහභාගි වීම වැදගත්කර සලකන ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතියේ ස්තුතිය...!!! ඇෆ්ගනිස්තාන් විශ්වවිද්‍යාල කණ්ඩායමත් සමග මීළඟ සංචාරය යොදා ගත්තොත් කොහොමද? මම මේ අදහසක් කිව්වේ...
මෙහෙම එක දිගටම හොම්බෙන් යන ටෙස්ට් ක්‍රිකට් ටීම් එකක් මීට ඉස්සර තිබිලා නැතුව ඇති.
මිලියන ගණන් පඩි අරගෙන සුකිත, මුධිත ජීවිත ගතකරන්න පමණයි දන්නේ. 'අහෝ ක්‍රිකට්...!
සංගක්කාරලා, ඩිල්ශාන්ලව පන්නා ගත්තු අයට ඔහොම වෙලා මදි? බංගලිදේශය හා ඇෆ්ගනිස්තානයටත් පැරදුනු මේ පරාජිතයින්ට ප්‍රබල එංගලන්ත කණ්ඩායම හමුවේ දන ගහන්න වෙන එක අමුතු දෙයක්ද? මාලිංග වැනි දක්ෂයින් වෙනත් රටකට සංක්රමණයවී, ත්‍රී වීලර් එලොවන්න පමණක් හපන් ජාතියට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවත් භාර දිය යුතුයි.
මුලු ටීම් එකම ඉවත් කරලා 19 පහළ වගේ අලුත්ම සෙට් එකක් දැම්ම නම් අඩු ගනේ තව අවුරුදු 5කින් වත් ගොඩ යවි. අනික අපිට ලැජ්ජාත් නැහැ..... මොකෝ අලුත් ටීම් එකක් නිසා. ඉස්සර ලංකාවේ ගහන එක්දින තරග ලේසියට පැරදුනේ නෑ ඒකට දැන්. ලේසියට දිනන්නේ නෑ.