(දමින්ද විජේසූරිය) 
නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී 179 ක් ලබාගත්තේය. තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට ඕවර 20 ක් අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 159 ක් පමණි.