ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය අතර මග නවතා දමා ආපසු සියරට බලා යාමට තීරණය කර තිබේ. කෝවිඩ් - 19 වසංගතය පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ගනු ලබන තීරණ වලට සහයෝගය දීම සඳහාත් තවත් හේතු කිහිපයක්ද ඇතිව එංගලන්ත පිල ආපසු සිය රට බලා යයි.
තරගාවලියේ දෙවැනි පෙරහුරු තරගය අද (13 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නමුත් සිව්දින තරගයක් වන එම තරගයද අදින් අවසන් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරගාවලියක් වන බැවින් දෙරට අතර තරගාවලිය සඳහා ඉදිරියේ දින වකවානු යොදාගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු වැනි ටෙස්ට් තරගය මේ මස 19 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝලම් ලෝකය ගිනිගන්නවා. මරණ බියෙන් මේ දෙගොල්ලෝ වීණා වයනවා.