
(යොහාන් භාසුර)
ඉන්දියාව සහ කටාර් රාජ්‍යය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව ඇතුළත් කිරීම ප‍්‍රතික්ෂේප නොකළේ නම් එය බේරාගැනීමට හැකියාව තිබුණේ යැයි එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්‍ෂ ටිම් හොර්ට්නෝල් මහතා විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි.
‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට ඇතුල්වීමේ උත්සහයට පෙර පළමුවෙන්ම බටහිර ඉන්දියාවේ හසීරා වරායටත්, දෙවනුව කටාර්හි හාමඞ් වරායටත් ඇතුල්වීමට අවසර ඉල්ලා සිටි බවත් එම වරායන් දෙකම එය ප‍්‍රතික්ෂේප කළ බවත් විධායක අධ්‍යක්‍ෂවරයා පවසයි.
ප‍්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය නියමිත ප‍්‍රමිතියට නැව තුළ ගබඩා නොකිරීම නිසා ඒවා කාන්දුවීම ගිනිගැනීමට හේතුව බවත් අනතුර හදුනාගත් අවස්ථාවේදී ඉන්දීය වරායට ඇතුල්වීමට අවසර ලැබුණේ නම් හානිය වළක්වාගැනීමට හැකියාව තිබූ බවත් ඔහු පවසා තිබේ.
විධායක අධ්‍යක්‍ෂවරයා පවසන්නේ කටාර්හි හාමඞ් වරායටත් ඇතුල්වීමට කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වීමෙන් පසුව කොළඹ වරායට ඇතුළත්වීමට උත්සාහ කරන විටත් නෞකාව අනතුරුදායක තත්වයක තිබූ බවත් ඉන්දියාවට හෝ කාටාර් රජ්‍යයට ඇතුල්වීමට අවසර ලැබුණේ නම් විනාශයෙන් බේරාගැනීමට කාලය තිබූ බවත්ය.
‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව තුළ ගබඩාකර තිබූ බහලූම් 1486 ට නයිටි‍්‍රක් අම්ල මෙටි‍්‍රක්ටොන් 25 ක් අඩංගු බහලූම් කීපයක් ද ඇතුළත්ව තිබූ බව ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකා සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඔනි දෙයකට අවසර දෙනවනේ. මේ ගැන වහා පියවර ගන්න
අනතුර වලක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ ඉන්දියාවට සහ කටාර් රාජ්‍යයට විරුද්ධව නඩු දාන්න බැරිද?
ඔය බොරුවක් ඔය රටවල් දෙකේදීම බඩු බාලා තියෙනවා.
මේ නැවට ලංකාවට එන්න අවසර දුන්නේ කවුද යන්න පිළිබඳව අපක්ෂපාතී පාරදෘශ්‍ය පරීක්ෂණයක් පවත්වා දූෂණයක් සිදුවී ඇත්නම් නිසි දඬුවම් ලබාදිය යුතුයි...