(හර්ෂණ තුෂාර සිල්වා)
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාගේ නම යෝජනා වී ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය එම තනතුර සහ තවත් රාජ්‍යතාන්ත්‍රික තනතුරු කිහිපයක් සඳහා නම් යෝජනා කර විදේශ සබඳතා අමාත්‍යාංශයට යවා ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව චන්ද්‍රප්‍රේම මහතා ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති අතර පෙබරවාරි මස 24 වැනිදා ආරම්භ වන එම කවුන්සිලයේ 43 වැනි සැසිවාරයටද සහභාගී වනු ඇත.
දේශපාලන පත්වීම් ලැබ විදේශවල සේවය කරන ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම විදේශ සේවයෙන් රාජ්‍යතාන්ත්‍රික තනතුරුවලට පත්වූවන් පිරිසක්ද නැවත මෙරටට කැඳවීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
අදාළ තනතුරුවලට සුදුසුකම් සහිත පුද්ගලයන් කඩිනමින් පත්කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට පෙර පැවැසීය.
මහාචාර්ය වෛද්‍ය එම්.ඩී. ළමාවංශ මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයටත්, මනෝරි උණම්බුව මහත්මිය ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ධුරයටත් පත්කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තමයි " gota 's war පොත ලිව්වේ. ඒ විතරක් නොවෙයි " සමහරෙකුට " අනුව කමල් ගුණරත්නගේ " නන්දිකඩාල් කලපුවේ..." පොත ලිව්වෙත් මෙයාමලු. මේ තනතුරට මිට වඩා සුදුසුකමක් කොයින්ද..?
ඇයි විජිත් "කොළපාට සමාජය " ඒකත් මෙයා නෙවෙයි ලිව්වේ... මෙයත් මේ රටේ ඉන්න හුඟක් දෙනෙක් වගේ දේශපාලන බල්ටිකාරයෙක්. කලකට කොළ, තව කලකට නිල් ඔන්න ඔහොමයි. මොනවා වුණත් මිනිහගේ අතීත වාර්තා නම්, සමහරෙක් "කියන විදියට" ඒ තරම් හොඳ නැහැ. ඔය 88-89 කාලේ පැරා මිලිටරි කාරයෝත් එක්කත් මිනිහගේ සම්බන්ධකම් තිබුණලු..! අපි ඇත්ත නැත්ත හරියට දන්නේ නැහැ. ගොඩක් ඉස්සර නම් මම මෙයා පත්තරවලට ලියන ඒවා කියෙව්වා. නමුත් ඒවා බයිලා" කියලා තේරුණාම අතෑරලා දැම්මා...
මෙයත් අර දයාන් ජයතිලක වගේ කෙනෙක්. ගලබොඩ අත්තේ හාමුදුරුවෝ 'කණ පලනවා' කීවේ මෙයාට තමයි.
දේශපාලනය පැත්තකින් තැබුවොත් ඔහු ඉංග්‍රීසි ලේඛකයෙක් ලෙස සහ නීතිඥයෙක් ලෙස ලංකාවේ ජාත්‍යන්තර ගැටළු හා ඒවායේ පසුබිම ගැන ඉතා හොඳ අධ්‍යනයකින් ලියූ අයෙක්...
ගෝඨාට ස්ත්රෝත්ර ලිව්වෙිම නැද්ද? යුද්ධය ඉවර වෙලත් යුද්ධය සහ යුදබිය දිගටම පවත්වා ගැනීමට මෙතුමා සහ කීර්ති වර්ණකුලසූරිිය දෙපල නොමඳ දායකත්වයක් දුනි. මා සඳහන් කළ අනිත් මහතාට තනතුරක් දෙන්නේ කවදාද?