(ඩී.ඒ.පතිරණ)
බෙංගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ එක් වෘෂණ කෝෂයක් කපා දැමීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි.
මෙසේ බරපතල තුවාල ලබා ඇත්තේ බෙංගමුව,දාබෝගල පාර පදිංචි සිටීන 53 හැවිරිදි අවිවාහක පුද්ගලයකු බවට පොලීසිය පවසයි.
තුවාලකරු නිවස ආසන්නයේ නිවසක තවත් පිරිසක් සමග මත්පැන් පානය කර ඇති බවත් මත්පැන් පානය කර නිවසට යන බවට පවසා පිටත්ව ගොස් ඇත.
මත්පැන් පානය කළ නිවසේ පුද්ගලයන් පසුදින උදේ නැගිට දොර විවෘත කිරීමේදී නිවසට යන බවට පවසා ගිය පුද්ගලයා සිහි මුර්ඡාව නිවසේ ඉදිරිපස වැටී සිටී බවට නිවෙස් හිමියා පොලීසියට පවසා ඇත.
පසුව නිවෙස් හිමියා තුවාලකරුගේ ඥාතීන් දැනුවත් කර 1990 සුවසැරිය ගිලන්රථයට දැනුම් දී තුවාලකරු ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න ඇත්තේ සම්පූර්ණ එකම.බාගෙට කැපිල. අවිවාහක.... ඒ කියන්නේ ගෙවල්වලට රිංගන්න යන අයෙක් විය හැක....