IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

(ඩයනා උදයංගනී)

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ට දක්‍ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී අද (15) සිදුකෙරිණි.

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ගණිත, ජීව විද්‍යා, වානිජ, කලා, ඉංජිනේරු තාක්‍ෂණවේදය සහ ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරා යටතේ දිවයිනේ පළමු, දෙවන හා තෙවන ස්ථාන දිනාගත් සිසු සිසුවියන් මෙන්ම දෑත අහිමිව පාදය ආධාරයෙන් විභාගය ලියා ‘ඒ’ සාමාර්ථ තුනක් ලබාගත් රත්නපුර ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ රෂ්මි නිමේෂා ගුණවර්ධන ශිෂ්‍යාව ද මෙහිදී ඇගයීමට ලක්විය.

ඒ අනුව ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගත් කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් යසන්ක සමරකෝන්, ජීව විද්‍යා අංශයේ පළමුවැනියා වූ මඩකලපුව, ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වන්නන් තුවාරකේෂ්, වානිජ අංශයෙන් පළමු ස්ථානය ලැබූ ගම්පහ, රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න, කලා අංශයේ පළමුවැනියා වූ බදුල්ල, කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉෂාර ලක්මාල් හීන්කෙන්ද, ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ පළමුවැනියා වූ කුරුණෑගල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ සහ ජෛව පද්ධති තාක්‍ෂණවේදය යටතේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉසරි පබසරා ලොකු පතිරගේ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මෙහිදී ඇගයීමට ලක්කෙරිණි.

මීට අමතරවගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගත් කොළඹ හින්දු විද්‍යාලයේ ජයචන්ද්‍ර තුවරාජේෂ්, තෙවන ස්ථානය හිමිකරගත් බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ හන්සජ රමිත් ඇල්වෙල, ජීව විද්‍යා අංශයේ දෙවැනියා වූ ගම්පහ, රත්නාවලී බාලිකා විද්‍යාලයේ අමාෂා නිශාමනී ජයලත්, තෙවැනියා වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිසර සිත්මක ජයරත්න, වානිජ අංශයෙන් දෙවන ස්ථානය ලැබූ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ රෂිනි දුල්යා ඩයස්, තෙවැනි ස්ථානය ලැබූ මාතර, ශාන්ත තෝමස් විද්‍යාලයේ එම්.එන් මොහොමඩ් නිහාඩ්, කලා අංශයේ දෙවැනියා වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ජිහාන් සඳරුවන්, තෙවැනි ස්ථානය හිමිකරගත් චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලයේ සකුන්තලා සෙව්වන්දි,  ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකරගත්මල්ෂාන් බණ්ඩාර රාජපතිරණ, තෙවැනියා වූ කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ සඳුනිකා ගෝවින්න සහ ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ දෙවැනි ස්ථානය හිමිකරගත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සහ තුන්වැනි ස්ථානය හිමිකරගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විශ්ව ප්‍රභාෂ්වර ලන්සකාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මෙහිදී ඇගයීමට ලක් විය.

මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිගණක සහ මූල්‍යමය ත්‍යාග ලබාදීම මෙහිදී සිදුකෙරිණි.

ඡායාරූපය: ළහිරු හර් ෂණ



අදහස් (1)

උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

අබිලින් Thursday, 15 September 2022 08:03 PM

ගරු ඇමැතිතුමෝ, උසස් පෙළ සමත් දරුවන් ඇගැයීමට ප්‍රශංසා කරමි. ඒ අතරම කියන්න ඕනෑ රජයේ විශ්ව විද්‍යාලවල අවුරුදු හතරක්, පහක් දුරට ඇදි ඇදී යන පාඨමාලා පුද්ගලික විශ්ව විද්‍යාලවල කෙටි කලකින් අවසන් කරනවා. දරුවන් නාකි නොවී විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා යනවා. එහෙම වුණාම රැකියා සෙවීමට පහසුයි. නමුත් රජයේ විශ්ව විද්‍යාලවලින් පිටවෙන්නේ අවුරුදු තිහක් පමණ වෙලා.. ඉන් පස්සේ ඔවුන්ට රැකියා සොයන්න බැහැ. රජයට බරක් වෙනවා. මේ නිසා රජයට සම්බන්ධ සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කාලය අඩුකරන්න ක්‍රමයක් සකසන්න.. නැත්නම් තරුණ ශ්‍රමය නිකරුණේ නාස්ති වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site