(යොහාන් භාසුර)

ලංකා පාසල් සංවර්ධන නිලධරීන් සංගමයේ සාමාජීකයන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස රජයට බලකරමින් ජනාධිපති ලේකම් කාර්යලය ඉදිරිපිට පැවැත්වෙන මාරාන්තික උපවාසයේ සිවුවැනි වූ අද (29) උපවාසයේ නිරතව සිටි තවත් සංවර්ධන නිලධාරියෙක් රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළේය.

මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළ පාසල් සංවර්ධන නිලධරීන් සිවුදෙනාගෙන් තවත් නිලධාරීයෙක් මෙසේ අද (29) පෙරවරුවේ රෝහල්ගත කළ අතර මීට පෙර 27 වැනිදා නිලධාරීනියක් අපහසුතා තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළේය.

‘කොවිඩ්’ වසංගතය පැවැති කාලය ඇතුළු වසර හතක පමණ කාලයක් රජයේ පාසල්වල සේවය කළ 16,000 ක් පමණ සංවර්ධන නිලධරීහූ ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා සිටිති.

ලංකා පාසල් සංවර්ධන නිලධරීන් සංගමයේ ජාතික සංවිධායක අසංක දිසානායක මහතා පැවසුවේ ජාතික පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නේ යැයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් ආණ්ඩුව පාර්ශවයෙන් සිය ගැටලුවලට කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්ය.

පාසල් සංවර්ධන නිලධරීන්ගේ මාරාන්තික උපවාසය පස්වැනි දිනටත් හෙට (30) ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(ඡායාරූපය: ගයාන් අමරසේකර)