(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ උපකාරක පන්ති මෙම මස 29 වැනිදා සිට යළි ආරම්භ කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසයි.
රජයේ සහ සෞඛ්‍ය අංශයන්හි නිර්දේශ අනුව උපකාරක පන්ති ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි එම සංගමයේ මාධ්‍ය ඒකක ප්‍රධානී තිරංජය ගම්ලත් මහතා පැවසීය.
මෙහිදී සිසුන් අතර මීටරයක පරතරයක් තබාගැනීම හා මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය බව ද ගම්ලත් මහතා සඳහන් කළේය.
සෞඛ්යාරක්ෂිත පන්ති කාමරයක් නිර්මාණය කිරීම සඳහා ද සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය මගින් විධිමත් වැඩසටහන් ගණනාවක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර දුන්නේ ජූලි 29 ඉඳන් විවෘත කරන්න නේද? මෙයාලට ඔච්චරම හදිස්සි මොකද? තාම පාසල්වත් ඇරියේ නැතිනම් කොහොමද ටියුෂන් පන්තිවලට කෝවිඩ් ප්‍රශ්නයක් නැතිවෙන්නේ..? අනිල් ජාසිංහ, ශවේන්ද්‍ර සිල්වා, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි... කරුණාකර ඔබේ අදහස් දක්වන්න..
කරුණාකර පුද්ගලික පන්ති සියල්ල උපරිම සිසුන් 50 කට සීමා කරන්න. පාසල් පන්ති කාමරයක ඉන්න පුලුවන් 25ක් පමණයි. ළමයින්ගේ හැටි අපි හොඳට දන්නවා. වැඩේ වැරදිලා ගියොත් නාවික හමුදාවට කොවිඩ් හැදුණා වගේ නොවෙයි. ටියුෂන් සර්ලාට අවශ්‍ය මුදල් පමණයි. ඒක නිසා මේක දේශපාලනය කරන්න යන්න එපා. අඩුම තරමින් තව මාස 6ක් වත් සිසුන් 50 කට සීමා කරලා පසුව 100කට අවසර දෙන්න. කොහොමත් කවර ටියුෂන් පන්තියකටවත් සිසුන් 100 ඉක්මවා යන්න ඉඩ තියන්න එපා. කොවිඩ් වලට වඩා ටියුෂන් එකත් මහ වසන්ගතයක්. පාසල් පන්ති කාමරයක සිසුන් 25 කටත් ටියුෂන් පන්තියක උපරිම සිසුන් 50 කටත් පවත්වාගෙන යාමට අවසර දීමට සුදුසුයි. අධ්‍යාපනයට වඩා දරුවන්ගේ ආරක්ෂාව වටිනවා. මේවා ඡන්දෙ ගැන හිතල නීතිරීති සැහැල්ලු කරන්න එපා. වැඩේ වරද්ද ගත්තොත් රටම සුනේ සුං...
සෞඛ්යාරක්ෂිත පන්ති කාමරයක් නිර්මාණය කිරීම සඳහා ද සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය මගින් විධිමත් වැඩසටහන් ගණනාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරන්න ඒ ගොල්ලෝ දන්න කෙහෙල්මලක් තියෙනවාද? ටියුෂන් පන්ති නියාමනය කළ යුත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලීසිය සහ වෛද්‍යවරුන් පමණයි. හලෝ ගම්ලත් පිස්සු නටන්න එපා. තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න... යන්නකෝ පුලුවන්නම් රජයේ පාසල් වලටත්.
උදාර නුවන් ඔබේ කීම හරියටම හරි. වැඩේ වරද්ද ගත්තොත් රටම සුනේ සුං...
වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ඉන්නේ කෝවිඩ් ස්පෙෂලිස්ට්ලද? යන්නකෝ අයි.ඩී.එච් රෝහලට... ගිහිං අනිල් ජාසිංහ මහත්තයාට උපදෙස් දෙන්න. කරන්න ඕන හොඳම විදිය කියලා. පිස්සු නැතිව වැඩක් බලාගන්න.
ඩලස් මහත්තයට ඕන ඡන්දෙ කරන්න විතරයි. පවිත්‍රා නෝනටත් ඕන ඡන්දෙ කරන්න තමයි. හැබැයි අනිල් ජාසිංහ මහත්තයට නම් දුරදිග හොඳට පේනවා. ඒක නිසා ටියුෂන් පන්ති උපරිම 50 කට හෝ සියයකට සීමා කරන්න. ඒත් දැඩි නීතිරීති යටතේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හරියටම අනුගමනය කරවන්න වගබලාගන්න ඕනෑ. කවුරුවත් ළමයි ටියුෂන් ඕනෑ කියලා කෑ ගහන්නේ නැහැ. ඔක්කොම තදේ තියෙන්නේ ටියුෂන් සර්ලට තමයි. පුදුම අනුකම්පාවක් තියෙන්නේ...
සිසුන් 100 සීමාව අඩු කරන්න. වැරදුනොත් සමාවක් නැහැ.
නාමල් මහත්තයගේ කීම හරියටම හරි. දේශපාලකයින්ට ඕන මේ වෙලාවේ දේශපාලනය කරන්න මිසක් රටේ ආරක්ෂාව නොවෙයි. බොරුවට කිඹුල් කඳුලු හෙලන්න එපා. ටියුෂන් පන්ති තවදුරටත් නවත්තන්න. පාසල් මුලුමනින්ම පටන් ගන්න පෙර ටියුෂන් පටන් ගැනීම ටිකක් නොවෙයි අතිභයංකාරයි.
ටියුෂන් පන්තිවලට දැඩි සීමා පනවන්න. ටියුෂන් සර්ලගේ කිසිම හික්මීමක් නැහැ. ඒ ගොල්ලො හිතං ඉන්නේ ඒ ගොල්ලො හැම දේම දන්න අය කියලා. කොහොමටත් ළමයි 100 කට පන්ති පවත්වන්න දෙන්න එපා. මුඛ ආවරණ අනිවාර්ය කරන්න. ටියුෂන් පන්තිවල ළමයි කෑම කන්නේ එක බත්මුල හත්, අට දෙනෙක් එක්ක. සාපෙල විභාග ප්‍රතිඵල එන්න කලින්ම පන්තිත් පටන් ගන්නවා. පාසල් පටන් ගන්නේ තවත් මාස 6ක් විතර පහුවෙලා. දැන් කෑ ගහනවා සිලබස් එක ඉවර කරන්න බැහැ කියලා. කෝවිඩ් වලට වැහුවේ මාස 3 යි. නමුත් මාස 6කට කලින් තමයි ටියුෂන් පන්ති පටන් ගත්තේ. රජය හරියට කටයුතු කරනව නම් මොන ටියුෂන්ද? සර්ලා කරන්නේ බිස්නස් එකක්. පාස් වෙච්ච ළමයින්ගේ නම දාලා ප්‍රචාරය කරනවා. එතකොට පේල් වෙච්ච අය කාගෙද? ඒ නිසා ටියුෂන් සර්ලාට අනුකම්පා කරලා රටටම කෝවිඩ් හදවන්න එපා. මේ වගේ වැඩ වලද දේශපාලන ජනප්‍රිය තීන්දු තීරණ ගන්න එපා. රට ගැන හිතන්න. පාසල් සහ ටියුෂන් වලට දැන්ම අවසර දීම ඉතා භයංකාරයි. මොනවා හරි වුනොත් අනිල් ජාසිංහ, ශවේන්ද්‍ර සිල්වා, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චිට රටටම වග කියන්න වෙන බව මතක තියා ගන්න. ජනාධිපතිතුමනි, මේ ඔබතුමාගේ විශේෂ අවධානය පිණිසයි.
පාසල් අධ්‍යාපනය පළමුව. අමතර පන්ති දෙවනුව. මේ වනවිටත් බොහෝ ටියුෂන් ගුරුවරු ඔන්ලයින් ක්‍රමයට කරනවා. ඒක කළාට තමක් නැහැ. කුකුල් කූඩුවල දරුවන් පැක්කරලා පන්ති කරන්න ඉඩ දෙන්න එපා. රටම වැනසෙනවා එක තැනකින් බෝවෙන්න පටන් ගත්තොත්...
ඇතැම් ටියුෂන් පන්ති වලට ළමයි ආශාවෙන් රිංගන්නේ ඒවායේ තිබෙන අසීමිත නිදහස නිසයි. ගුරා ළමයින්ට අවාවාදයක් දෙන්න බයයි, එහෙම වුනොත් ළමයි අඩුවෙයි කියලා... මීටරේ පරතරය තිබ්බොත් ළමයි එන එකක් නැහැ...
විස්සයි විස්ස පන්ති කාමරයක ළමයි 45 ක් ඉන්නවා. කුකුල් කූඩුවක තියෙනවා එක් කුකුලෙකුට අඩි 3ක් විතර. ඉතිං ටියුෂන් පන්තිත් මේවට දෙවෙනි නැහැ. අඩුම තරමේ ළමයෙක්ට අඩියක ඉඩක් නැහැ. ජනාධිපතිතුමනි, මේ ගැන හිතලා රට, ජාතිය අමාරුවේ දාන්න එපා. ටියුෂන් වහාම නතර කරන්න.
බොහෝ පාඨකයින්ගේ අදහස් වලින් පැහැදිලි වන්නේ ආණ්ඩුව කොවිඩ් අවධානම නොසලකා ටියුෂන් කාරයින්ට යට වී ඇති බව නේද? ටියුෂන් කාරයින් ලොකු මුදලක් දුන්නද දන්නේ නැහැ. ටියුෂන් කාරයින්ට රට විනාශ කරන්න ඉඩ දෙන්න එපා. ළමයි 50 ක සීමාවකට ටියුෂන් පාලනය කරන්න. මේ ගොල්ලො අාදායම් බදු ගෙවන්නෙත් ළමයි ගාණටද? දේශපාලකයින්ට අවශ්‍ය දේශපාලනය කරන්න මිසක රටේ ආරක්ෂාව නොවන බව ඉතා පැහැදිලියි. ඇයි කට ඇරලා කියන්න බැරි..? වනවන ඉන්නේ ළමයි 50කට වඩා එක පන්තියකට දාගන්න එපා කියලා. ටියුෂන් නීතිය ගැසට් කරන්න. එක එක වේලාවට එක එක ප්රවෘත්ති කියවනවා. මේ වගේ ගෝලිය ව්‍යවසනයකදී විවිධ පුද්ගලයින්ගේ රස්සාවල් ගැන හිතනවට වැඩිය රටේ ආරක්ෂාව ගැන හිතන්න. ජනාධිපතිතුමා ඒ ගැන ඉතා අවධානමෙන් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඉතා දැඩි නීති රීති යටතේ උපරිම ළමයි 50කට ටියුෂන් පන්ති සීමා කරන්න. පළමුව රටේ ආරක්ෂාව ගැන හිතන්න. අනවශ්‍ය ලෙස කටයුතු කරන්න ගිහිං රට අනතුරකට ඇද දමන්න එපා...
සුදු වැල්ලෙ එක කඩු කාරයෙකගෙන් මුලු නාවික හමුදාවට කෝව්ඩ් හැදුණා. නාවික හමුදාව නීති ගරුකව අවබෝධයකින් වැඩකළ නිසා යන්තම් බේරගත්තා. හිතලා බලන්න පාසල් සිසුවෙකට කොවිඩ් හැදුණොත් වෙන වින්නැහිය... නැවත මුලු රටම ලොක් ඩවුන් කළත් වැඩක් නැහැ. වෙන්න ඕන හරිය ඔක්කොම වේවි. ඒ නිසා දැන්ම ටියුෂන් නොවෙයි, පාසල්වත් පටන් ගන්න එපා. අඩුම තරමින් තව මාසයක් වත් ඉවසන්න කියලා තමයි මගේ නම් අදහස. වැඩේ වරද්දා ගත්තොත් පස්සෙ පසු තැවුණාට වැඩක් නැහැ. පේන්නේ නැද්ද මිනිස්සුන්ගේ අශීලාචාරකම්... ලෙඩක් තිබුණද කියලාවත් ගාණක් නැහැ... වැඩිහිටියන් එහෙම නම් ළමයි කොහොම හැසිරේවිද?
අද ප්‍රවෘත්තියක් ඇසුණා ටියුෂන් පංතියකට උපරිම ළමයි 500 ක් කියන තීන්දුව ගන්නේ ජනාධිපතිතුමා කියලා. එවැනි තීන්දුවක් ගත යුත්තේ ජනාධිපතිතුමා නොවෙයි. ඩලසුත් නොවෙයි. පවිත්‍රාත් නොවෙයි. කෝවිඩි 19 මැඩලීමේ කණ්ඩායම විසිනුයි. ඒ නිසා ජනාධිපතිතුමාට බෝලෙ පාස්කරලා ඔය ජාතික අපරාධය කරන්න එපා. ළමයි කෙසේවෙතත් ටියුෂන් සර්ලත් ජීවත් වෙන්න ඕනෑ නිසා උපරිම ළමයි 100කට අවසර දුන්නාම ඇති. 500 දක්වා අවශ්‍ය නම් එය පියවරෙන් පියවර සිදුකළ යුතුයි. ඒ සඳහා තව වසරක කාලයක්වත් ගත කරන එක තමයි සුදුසු. මේ වනවිට ලෝකයේ බොහෝ රටවල දෙවන වටයත් පටන් අරගෙන නිසා අපිට ඒ අවධානම නැද්ද? අනික රට අස්ථාවර කරන්න ඉන්න අයට ටියුෂන් පන්ති ආරම්භය හොඳ අවස්ථාවක්. ඒ නිසා ජනාධිපතිතුමා ඔය මඩ ගා ගන්න එපා කියන එක තමයි මගේ අදහස. ජීවිත සමග සෙල්ලම් කරන්න එපා. ටියුෂන් සර්ලාගෙන් වැඩි පිරිසක් ඉතාම නරකයි. හැම දේම විහිලුවට අරං ඒ ගොල්ලො ළමයි ඉදිරිපිට චණ්ඩි වේවි... නොතේරෙන පුංචි එවුන් කරන්නෙත් වෛද්‍යවරු කියන දේ නොවෙයි. අර ටියුෂන්කාරයින් කියන එක තමයි. ඒ නිසා තව මාස කිහිපයක් ටියුෂන් දැඩි ලෙස සීමා කළයුතු වෙනවා. පාසල් ටිකත් ඇරලා බලන්න වෙන්නේ මොකද කියලා. පොඩි අය අනිකාගේ ෆේස් මාක්ස් ගලවාගෙන දුවාවි...
මේ අපරාධය කරලා නැවතත් රට විනාශ කරන්න දෙන්න එපා. ටියුෂන් අනවශ්‍යයි. පාසල් ටික සෙමින් සෙමින් ඇරල දෙන්න. ඒ ඇති...
ජනාධිපතිතුමනි, ටියුෂන් මාස්ටර්ලාට පොඩි අතමාරුවක් දෙමු. එතකොට මේ අපරාධය කරන එකක් නැහැ.
වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමනි, මොකද වැනි වැනි ඉන්නේ? අපේ මැකෝ සීයා වගේ කෙලින් වැඩ කරන්නකෝ. ටියුෂන් වලටත් පාසල් වලටත් හොඳ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් හදලා ඉක්මණින්ම ගැසට් කරන්න. ඕවා පාලනය කරන්න හොඳම අවස්ථාව මේක තමයි. බස්වල හිටගෙන යන්න දෙන්න එපා. ඔබේ ඒ අදහස අපි අගය කරනවා. පාර්ලිමේන්තු පළාත්සභා මන්ත්‍රීවරයෙක්ගේ එක වාහනයක් වික්කාම හොඳ සුඛෝපභෝගි බස් 5ක් පාරට දාන්න පුළුවන්. දේශපාලකයින්ට වියදම් කරන අනවශ්‍ය වියදම් කපා හැරීමෙන් අපේ අහිංසක මිනිස්සුන්ට ගමන් කරන්න අලුත්ම බස්රථ 5000 ක් පමණ පාරට දාන්න පුළුවන්. මේ රට විනාශ කරන තවත් පිරිසක් තමයි ටියුෂන් කාරයින්. ඒ නිසා තවදුරටත් සිසුන් 100කට වඩා කොහෙත්ම ඉඩ දෙන්න එපා. පාසලේ පන්ති කාමරයක ළමයි සංඛ්‍යාව 25 හේ සීමාව දිගටම තියා ගන්න. නැත්නම් කෝව්ඩ් නෙමේ හෙම්බිරිස්සාව, දද, කුෂ්ඨ හොරි වුණත් බෝවෙන්න පුළුවන්. ගරු ඔබතුමා මේවා අතිගරු ජනාධිපතිතුමාට කියලා දෙන්න. එතුමාට යමක් හරිහැටි වටහා දුන්නොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. එතුමා ජාතියේ පිනට පහළ වූ නායකයෙක්. වටේට ඉන්න අය නම් සතපහකට වැඩක් නැහැ. එ් තමයි අපේ නායකයා. එතුමා හමුදාව සමග ලස්සනට රට කරාවි. ඔබතුමා එ් තරමට ශක්තියක් වෙන්න. පේන්නේ නැද්ද අපේ මැකෝ සීයගෙ වැඩ..?
ටියුෂන් පටන් ගත්තොත් දැඩිම දැඩි විනය නීති දාන්න වේවි. ඒක ළමයින්ට පමණක් නොවෙයි. විශේෂයෙන්ම ටියුෂන් ගුරුවරුන්ට... මොකද ළමයින්ට වඩා විනයනීති කඩන්නේ ටියුෂන් ගරුවරු. ටියුෂන් ගුරුවරු අහිංසක ළමයි ඉදිරිපිට බොරු වීරයො වෙන්න දඟලන දැඟලිල්ල අපි දන්නවා. ආදර්ශමත් ටියුෂන් ගුරුවරයෙක් හමුවෙන්නේ බොහෝම කලාතුරකින්. ඒකනිසා සිසුන් සංඛ්‍යාව පුලුවන් තරම් අඩුකරලා අනුමැතිය දෙන්න. එක පන්තියකට සිසුන් 50ක් නම් ඉතා හොඳයි. පාසල් පන්ති කාමරයකට සිසුන් 20ක් හෝ 25ක් හෝ පමණක් සීමාකරලා ගුරුවරු මදි නම් ගුරුවරු බඳවා ගන්න. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී කෙනෙකුට වාඩි වෙන්න පුටුවට ලක්ෂ හයහමාරක් වියදම් කළා. පාසල් ළමයි වාඩිවෙලා ඉන්නේ යකඩෙන් හදපු පුටුවක ලෑලි කෑල්ලක් උඩ. ළමයි අපරාධ කාරයො වෙන්න මේ ව්‍යායාමයම බලපානවා. අපි මළගෙදරක ගියත් වාඩි වෙන්නේ තියෙන හොඳම පහසු පුටුවක. එහෙම තත්වයක් උඩ පාසල් පැය හයක් පවත්වන එකත් අරුම පුදුම දෙයක්. මේවා කාලීනව වෙනන් වියු යුතුයි. මම වසර 20ක් රටවල් කිහිපයකම සේවය කළා. බොහෝ රටවල පන්තියක ඉන්නේ ළමයි 20ක් හෝ 15 ක් පමණයි. වාඩිවෙන්නෙ හොඳ කුෂන් පුටුවල. ලංකාවේ හරක් මඩුවල මීටවඩා පහසුකම් තියෙනවා. මේවා වෙනස් කරන්න ජනාධිපතිතුමා මැදිහත් වෙන්න...
ටියුෂන් පන්ති ආරම්භ කර රජය කරන්නේ කෝවිඩ් පතුරවන්න උඩගෙඩි දීමක්. මේකත් ඡන්ද ගුණ්ඩුවක්. ඇයි ටියුෂන් කාරයින් එතකොටනේ කියන්නේ තමන්ගේ ළමයින්ට ඡන්දෙ දෙන්න ඕන පක්ෂෙ මොකක්ද කියලා... එමනිසා ටියුෂන් පන්ති තවදුරටත් තාවකාලිකව වහාම නතර කරන්න. බැරිම නම් සිසුන් 50 කට පමණ සීමා කරන්න.
ටියුෂන් වලට නිති රීති සමුදායක් ගැසට් කරනතුරු සිසුන් 50 කට හෝ 60 කට සීමා කරන්න. එසේ නොකළහොත් ලංකාව කෝව්ඩ් තවානන් වේවි... පාසල් බස්රථ අඩුම තරමින් 300ක් විතර අම්බලන්ගොඩ නගරයට එනවා. මේ හේතුව නිසා අම්බලන්ගොඩ නගරයේ අඩුම තරමින් පයින් යන්නවත් ඉඩක් නැහැ. පුංචි ළමයි මොකටද කිලෝමීටර් 40ක් 50ක් විතර දුර ගෙවාගෙන අම්බලන්ගොඩ නගරයේ පාසල්වලට ඇතුල් කරන්නේ? මේ ඔක්කොම ගන්නේ සල්ලි වලට. එම නිසා පාසල් පටන් ගැනීමත්, නැවත කෝවිඩ් වලට අත වැනීමක් වගේ වැඩක්. මේවා ගැන පාලකයින් හිතන්න ඕනෑ. කෝවිඩ් වලට වඩා වසංගත තව නොබෝ දිනකින් එන්න පුළුවන්. එතකොට කොහොමද ඒවට මුහුණ දෙන්නේ? මේක පාඩමක් කර ගන්න. ඉක්මණින්ම නීති රීති ගැසට් කරන්න. මුදල් මත අසීමිතව පන්තිවලට සිසුන් පටවා ගන්නා ටියුෂන් ගුරුවරුන්ටත් පාසල් විදුහල්පතිවරුන්ටත් දැඩි දඬුවම් පමුණුවන්න වැඩ පිළිවෙලක් හදන්න. අපේ කට්ට්ය බය දඬුවමට විතරයි. ඔය අනවශ්‍ය උපදෙස් වැඩක් නැහැ. හරියට නීතියට වැඩ කරන්න. නැවත කෝවිඩ් හැදුණොත් ජනාධිපති අගමැති සෞඛ්‍ය ඇමති අනිල් ජාසිංහල හමුදාපති ඇතුලු හැම නිලධාරියෙක්ටම වග කියන්න වෙනවා. දැනුත් අපේ නගරයේ ඇති විනයක් නැහැ. ජනතාව විනයගරුක කරන්න දැඩි වෙහෙසක් ගන්න වේවි...!!!
සුදුවැල්ලෙ එක කඩ්ඩෙක් වීරෝදාර නාවික හමුදාවේ දහසකට පමණ කෝව්ඩ් බෝ කළා. සමහර ටියුෂන් කාරයින්, කුඩ්ඩන්ටත් වඩා අන්තයි. ඇත්තටම කුඩුත් ගහන ටියුෂන් කාරයින් කිහිප දෙනෙක්ම ගාල්ලේ ඉන්නවා. ගාල්ල පොලිසියෙන් විමසන්න. හිරේ ගියේ නැද්ද කියලා. ඒ නිසා ටියුෂන් දැන්ම එපා. පටන් ගත්තත් 50කට වඩා අවසර දෙන්න එපා. පන්තිවල වැඩ කරන සමහර සේවකයින් පවා හොඳට අරක්කු බොනවා. ඇයි හොඳට සල්ලි අතපත ගානවනේ. මේ ගැන හොඳට කල්පනාවෙන් වැඩ නොකළහොත් ආණ්ඩුව විතරක් නොවෙයි වයසක අපිත් සුනේ සුං. වෛද්‍ය හරිත අලුත්ගේ, ක්‍රිෂාන්ත සොයිසා මහත්වරුනි, ඔබ දෙදෙනාවත් මැදිහත් වී මේ අයට ඇත්ත තත්වය පහදලා දෙන්න. ඔබ දෙදෙනා කිව්වොත් ජනාධිපති වහාම මැදිහත් වේවි. බුදු සරණයි.
අනවශ්‍ය ලෙස ටියුෂන් සර්ලා දැඩි ලෙස විවේචනය කිරීම ගැන කණගාටුයි. දෙවිදේවතාවුන් වැනි ටියුෂන් සර්ලා ඕනතරම් මට හමුවෙලා තියෙනවා. මාසෙකට පැය 12 කට මුදල් අයකරලා පැය 48 ක් විතර නොමිලේම උගන්වන ටියුෂන් සර්ලා ගොඩක් ඉන්නවා. පාසල් වලත් එවැනි ගුරුවරුන් ඉන්නවා. ඒක රඳා පවතින්නේ් තමන් කරන වැඩකටයුතු මත තමයි. ඒ අයට ලැබෙන ගෞරවයත් ඒ වගේමයි. ඒත් පවතින තත්වය මත අඩුමතරමින් ළමයි 100 කට පන්ති සීමා කළොත් හොඳයි. පස්සේ අවශ්‍ය නම් ටිකටික වැඩි කර ගන්න පුළුවන්. ඒ වුණත් ළමයි 200 කට ඒක සීමා කරන්න අත්‍යවශ්‍යම කරුණක්. කරුණු නොදැන හැම ටියුෂන් සර්ලාටම බනිනවට අපේ බලවත් විරෝධතාවය...
ගාල්ලේ සමහර ටියුෂන් පන්තිවල පසුපස පේලිවල කොල්ලො කොත්තු රොටි, ආප්ප කනවා. කොල්ලො කෙල්ලෝ වාඩ වෙන්නෙ කුරුලු ජෝඩු වගේ. සර් උපදෙස් දීලා තියෙන්නෙ එහෙම ගැහැණු පිරිමි බෙදිලා වාඩි වෙන්න කියලා තමයි. ඒ ළමයි ගෙන්වාගන්න කරන උපක්‍රමයක්. විශේෂයෙන්ම පන්තිවල මේ තත්වය පවතිනවා. ඉතිං මේ ළමයි මීටරයක දුර තියන් මුඛ ආවරණ දාගෙන වාඩි වේවිද? විහිලු තමයි. ඒ නිසා උපරිම සිසුන් 40කට හෝ 50 කට ටියුෂන් පන්ති සීමා කරන්න. ඉස්සර නම් පාසලේ විදුහල්පතිවරු පාසලේ ඉන්න ළමයි ඔක්කොගේම නම දන්නවා. දෙමාපියන් හඳුනනවා. අද එහෙමද? ඒ නිසා මේවා වෙනස් විය යුතුයි නේද? සුනාමියෙන් මේ රට හැදුණෙත් නැහැ. යුද්ධ ජයගත්තාට පස්සේ හැදුණෙත් නැහැ. මොනවද මේ කරන විකාර නාඩගම්...? රට ගැන හිතලා වැඩ කරන්න. කාටත් බියක් සැකයක් නැතිව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන්න දෙන්න. අපිට කාගේවත් දේශපාලනයක් වැදගත් නැහැ. ටියුෂන් වලටත්, පාසල් වලටත් ස්ථාවර පනතක් සම්මත කරලා රටේ ආරක්ෂාව තහවුරු කරන්න මේ හොඳම අවස්ථාව නේද?
ළමයි 500ක් අත සෝදන්න විතරක් යන වේලාව ගැන හිතන්න. 500කට අවසර දුන්නොත් අඩුම ගානේ 600 ක් 700 ක් පටවා ගනීවි. පී.එච්.අයි මහත්තුරුත් ඉතිං ලංකාවේ කටිටියමනේ. රුපියල් 500 ක් 1000 ක් විතර අතේ තිබ්බාම වැඩේ ෂේප් කරාවි. බණ්ධනාගාරෙ කට්ටිය පේන්නේ නැද්ද කරන වැඩ. කෝවිඩ් 19 කියන්නේ කෝවිඩ් මිසක් වෙන එකක් නොවෙයි. යකාගේ තරම දැනගෙන වැඩ කරමු. වැරදිලාවත් ටියුෂන් හෝ අසීමිතව ළමයි ගැවසෙන පාසල් මගින් කෝවිඩ් සමාජයට පැතිර ගියොත් කෝවිඩ් මාරයා ලංකාවේ හැම ගෙදරකින්ම බිල්ලක් ගන්නවා ගන්නවාමයි. ඒක බේරන්න බැහැ. මෙහෙත් අපේ වෛද්‍යවරු ගත් උත්සාහය මෙන්ම යුද හමුදා රණවිරුවන් කළ මෙහෙවර අපි ඉතා අගේ කරනවා. අපිට ගෝඨා වැනි ජනාධිපතිවරයෙක් නොසිටියා නම් බලන්න තිබුණා ලංකාවට වෙන දේ. අමාරුවෙන් බේරගත්ත රට විනාශ කරන්න ටියුෂන් කාරයින්ට ඉඩ තියන්න එපා. ජනපතිතුමනි ඔබ යන මග හරි. අපි ඔබ සමගයි. ඔබ ගැන වර්ණනාකරන හිවල්ලු ගැන අපේ කිසිඳු විශ්වාසයක් නැත. ITN ටෙලිවිෂන් ඉස්කෝලෙදී අධ්‍යාපනවේදීන් කළ කථාවලට නැවත සවන් දෙන්න. කෝවිඩ් මාරයා පරදවන්න නම් ටියුෂන් මාරයාද පැරදවිය යුතුයි. ළමුන් අඩුකොට පාසලට මුල් තැන දෙමු...
ගොඩක්ම ටියුෂන් සර්ලා විවේචනය කරන්නේ ටියුෂන් කරන්න ගිහිං අසාර්ථක වේච්ච අය. ඒත් ටියුෂන් පන්ති සිසුන් 100 කට සීමා කරන එක නම් ඉතා වටිනවා.
ටියුෂන් අරිනවා කියන්නේ මාරයාට අත වනන එකයි.
දැන්ම පාසල් ආරම්භ කිරීමත් නුවණට හුරු කාරියක් නොවේ. පාසල් ළමුන්ට තියෙන අවධානම ගැන නිසි අවබෝධයක් නැහැ. එම නිසා පාසලුත් ටියුෂනුත් දහම් පාසලුත් ආරම්භ කිරීමට තව ටිකක් ඉවසගෙන කටයුතු කළානම් නුවණට හුරුයි. කරන්න දෙයක් නැහැ. පළමුව ජීවිත වටිනවා. ටියුෂන් වුණත් සිසුන් 100කට වඩා එක විට එකතු කරන්න දෙන්න එපා. එය නීතියක් ලෙස බලගන්වන්න. පාසල් වලත් පන්තියක ළමුන් සීමා කරලා නීතියක් ලෙස බලගන්වන්න. ඒ සඳහා කාලය පැමිණ ඇතැයි මා සිතමි. ඒ සඳහා කාගේත් සහයෝගය අවශ්‍යයි. තෙරුවන් සරණයි.
කෝවිඩ්වල භයානක තත්වය තේරුම් ගන්න. අපිට තවදුරටත් ගෙවල් වලට වී නිරෝධානය වෙන්න බැහැ. ඔය ටියුෂන් පන්තියකින් එක ළමයෙක් රෝගී වුවහොත් ඒ පන්තියට සහභාගි වුණු ළමයි පමණක් නොවෙයි, ඒ නගරයේ හැම දෙනාම නිරෝධායනය කරවනවා. ඉතිං දැන්ම ටියුෂන් පන්ති පටන් ගත්තොත් මේ අවධානම නැති වෙනවද? ඒක නිසා ටියුෂන් පන්ති ආරම්භ කිරීම තවදුරටත් කල් දමන එක ඉතා කාලෝචිතයි. අමතක කරන්න එපා, කෝවිඩ් වසංගතයේ භයානක තත්වය... අනික ලංකාවේ බොහෝ දෙනෙක්ගේ සදාචාරයක් නැහැ.100කට අවසර දුන්නත් පී.එච්.අයි. ලා ෂේප් කරන ළමයි 150ක් 200ක් පටවා ගනීවි. මුදලට කවුද කෑදර නැත්තේ...? එමනිසා ඉතා කඩිනමින් මේ තත්වය වෙනස් කරන්න තීන්දු තීරණ ගන්නා ලෙස අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා...
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයට බලපැවැත් වූ ලොක්ඩවුන් තත්වය, නියමිත කාලයට පෙර ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් 30,000ක් පමණ පිරිසක් මියයනු ඇතැයි විශේෂඥවරු අනතුරු අඟවා තිබෙන පුවතක් අද පලකොට ඇත. එවන් තත්වයක් තුළ ලංකාවේ ටියුෂන් පන්ති සහ පාසල් ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කිරීම කාලෝචිත දැයි සිතා බලන්න. එමනිසා ටියුෂන් පන්ති සහ පාසල් තව ටික කාලයකට නතර කිරීමට කටයුතු කරන්න. ටියුෂන් පටන් ගන්න අවසර දෙනවා නම් දැඩි නීතිරීති මත උපරිම 50ක 60 පමණ පිරිසක් සහභාගි කරවා ගැනීමට උපදෙස් දෙන්න...