(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උද්ඝෝෂණයේ යෙදී සිටින ගුරුවරුන් හෝ වෙනත් කිසිවෙකු ගැහුවත් කරබාගෙන සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවැසීය.
උද්ඝෝෂණයේ යෙදී සිටින එක ගුරුවරයකුට හෝ පොලිසිය පහර දී නැතැයිද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් උද්ඝෝෂණකරුවන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසලදී කළ ක්‍රියාවකින් පොලිස් නිලධාරියෙකුගේ ඇඟිලි දෙකක් කැඩී ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් විපක්ෂය මේදක්වා අඩු තරමින් කනගාටුවවත් පළ කර නැති බවත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
උද්ඝෝෂණකරුවන් කිසිවෙකුටත් කිසිම ආකාරයකින් හෝ අත තැබීමට හෝ හිංසා කිරීමට කටයුතු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස්දී තිබෙන බව පැවසූ ඇමතිවරයා වරාය පොලීසිය භාරයේ සිටි උද්ඝෝෂණකරුවන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යෑමට අවසරය ලබාදී තිබූ බවද පැවසුවේය.
පොලිසියට කිසිවිටෙකත් බලපෑම් නොකරන බවද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂය පවසන අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමාපොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව අද හෙටම ලබාදීමට නියමිත බවත් සරත් වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝහ බැරියර් තල්ලු කිරීමේදී ඇඟිලි තැලුණු එක ගැන කනගාටුයි.ඒත්, ඒක හිතා මතා කල දෙයක් නොවන බව පේනවා.කෙසේ වෙතත්,උද්ඝෝෂණ කරුවන් මීට වඩා සංවර විය යුතුව තිබුණා.ඒ වගේම මීට පෙර උද්ඝෝෂණ කරුවන් අල්ලා පහරදී බීම ඇදගෙන ගිය අවස්ථා ඕනෑ තරම් තිබුණා.ඒත් ඒවාට පොලීසියට මොනවාද දුන්නු දඬුවම්.ගුරුවරුන් ගැහුවත් කරබාගෙන ඉන්න කිව්වා නම්, මොකද දන්නේ නැහැ නේද අර ගෙදර යන අයව ගන්න වාහන නැවැත්තුවේ.පොලිස් ඔත්තුකරු නාමල් කුමාරව දමා ගුරුවරුන්ව පටලවා ගන්න කුමන්ත්‍රණයක් දියත් වී තිබුණා.ඒත්,ගුරුවරුන් ඒ උගුලේ පැටළුනේ නැහැ.පොලීසිය විසින් නාමල් කුමාර රකිනා බව එහිදී කාටත් පැහැදිලි වුණා.
උපදෙස් දුන්නෙ නිළ ඇදුම් නැතුව හැදුනුම්පත් නැතුව ගොස් අත් අඩංගුවට ගන්න කියලා වෙන්න ඇති නේද
අනිත් අය නුවණැතියන් බව මෝඩයා නොදනී...
මේ විශ්‍රාම ගිය සොල්දාදුවාගේ උද්දච්ච ක්‍රියාකාරකම් නිසා සෑහෙන ප්‍රමාණයක් ජනතාව රජය කෙරේ කලකිරෙව්වා...!
"උද්ඝෝෂණයේ යෙදී සිටින ගුරුවරුන් හෝ වෙනත් කිසිවෙකු ගැහුවත් කරබාගෙන සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. "මහජන නියෝජිත සරත් උන්දෑගේ" මෙම නියෝග පිළිබඳව අප හදවතින්ම අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. මක්නිසාදයත් ගුරුවරු යනු අවිනිතව හැසිරෙන කොට්ඨාශයක් නොවන බවයි. ගුරුවරුන් යයි කියමින් කිසිවෙක් එසේ හැසිරෙනවා යනු ගුරුහොරුන්ය. රස්තියාදුකාර ගුරාලාය. වෙනත් කිසිවෙකු මෙසේ හැසිරෙනවා යනු එවන් පිරිස්ද අනිවාර්යයෙන් IRC කාරයන් හෝ සමාජ විරෝධීන්ය. එවන් කාලකන්නින්ට සාමකාමී සමාජයක මිනිසුන්ට අවහිරයක් වෙන ලෙස හැසිරීමට "සරත් ගොයියා තාවකාලික බලපත්‍රයක්" ලබාදුන්නා නොවේද මෙය කියමන..? මෙය සාමකාමී සමාජයේ පැවැත්මට ඍජුවම වගකියන ආයතනයක් වන පොලිසියට මෙන්ම එහි වටිනා මිලකළ නොහැකි නිල ඇඳුමට අපහාස කිරීමක් ලෙස දකින්නේ අප පමණමද? අතීතයේ ප්‍රේම් උන්දැ නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට අවිආයුධ බිම තබා ම්ලේච්ඡ කොටිහැත්තට යටත් වෙන ලෙස දුන් ගොන් තකතීරු උපදෙස් හා මෙම උපදෙස් වලද යම් සමානකමක් දකින්නේ අප පමණද? මෙම අදහස් සරත්ට ඍජුවම කියැවීමට හැකි වේවා...!
ඇමතිතුමනි, රටේ දරුවන් ගැන සිතා හෝ මේ උන්මන්තකයින්ට පහර දී එලවා දමන්න. පැරණි ගුරුවරු මේ දේවල් අනුමත කරන්නේ නැහැ, බහුතරයක් දෙමව්පියොත් ඉන්නේ මේ ගුරුවරු කියාගත්තු සෙට් එක එක්ක මාර තරහෙන්ම තමයි. අජිත් රෝහණ මහත්තයා පැහැදිලිව කියනවා අත්අඩංගුවට ගත්තේ 46 සෙට් එකෙන් 08 දෙනෙක්ම ගුරුවරු නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ පිරිසෙන් 20%ක් විතර වෙනත් පුද්ගලයින්. අවුරුදු දෙකක් ගෙදර හිටපු අපේ දරුවෝ ඉස්කෝලේ යන්න තිබුණේ මේ අගෝස්තු මාසේ. මේ මිනිස්සු එ්ක කෑවා. රටේ සියලුම ජාත්‍යන්තර පාසල්, කතෝලික පාසල් , ඇන්ග්ලිකන් පාසල් සහ මුස්ලිම් පාසල් වල ඉගැන්වීම් කටයුතු කරනවා. රජයේ පාසල්වල ඉගෙන ගන්න දුප්පත් අපේ දරුවන් "කාලකණ්ණි" වෙනවා. මේ අවුරුද්ද අන්තිමට තියන විභාගයට ඒ ඉස්කෝලවල දරුවෝත් එක්ක ලියන අපේ දරුවන්ට මොකද වෙන්නේ? කරුණාකර මේ ගොල්ලන්ට පහර දී හෝ ඉස්කෝලවලටම එළවලා දාන්න.
මෙයා දැන් හොඳ නලුවෙක්... සිල් රෙද්දක් දාගෙන මේ එන්නේ අලුත් චරිතයක් රඟපාන්න..
පොලිස් නිලධාරීන් මිනිස්සු නොවෙයිද?. ඔවුන් මොකටද ආණ්ඩුව වෙනුවෙන් ගුටිකන්නේ.? එකක් ගැසුවොත් පහක් ගහන්න උපදෙස් දෙන්න. මතකයි නේද 800ක් පොලිස් නිලධාරින්ට යටත්වෙන්න කියලා කරගත්ත වින්නැහිය. එව්වා දැන දැන අැයි මෙහෙම උපදෙස් දෙන්නේ...
තීරණ කැකිල්ලේ රජුගේ මෙනි !!!!!!