IMG-LOGO

උතුරේ හර්තාල්

(සිතුම් චතුරංග)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත වහාම අහෝසි කරන ලෙසට ඉල්ලීම් කරමින් හා එම පනතට විරෝධය පලකරමින් කඩසාප්පු වසාදමා අද (25)  උතුරු පළාත තුළ හර්තාලයක් ක්‍රියාත්මක විය.

දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් හර්තාලය කැඳවු අතර හර්තාලය හේතුවෙන් යාපනය , කිලිනොච්චිය , මුලතිව් , මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කයන් හි කඩසාප්පු හා පොදු ප්‍රවාහන කටයුතු ඇනහිට තිබුණි.

උතුරු පළාතේ සියලු පාසල් විවෘත කොට තිබු අතර හර්තාලය හේතුවෙන් පාසල් වෙත දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බව මාපියෝ පවසති.

වවුනියාව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව පාසල් විදුහල්පතිවරුන් සඳහන් කළහ.

හර්තාලය හේතුවෙන් උතුරු පළාතේ ධාවනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටි අතර කුලී ත්‍රී රෝද රියදුරන්ද හර්තාලයට සහය පළකරමින් ත්‍රීරෝධ රථ ධාවනයෙන් ඉවත්ව සිටියහ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය සඳහා එක්කොට තිබූ අතර එම බස්රථ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රාජ්‍ය සේවකයින් හා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.

උතුරේ දේශපාලන පක්ෂ විසින් සඳහන් කරනු ලැබුවේ උතුරේ ඉඩම් ගැටළුව නිරාකරණය කිරීමද හර්තාලයේ තවත් යෝජනාවක් වන බවයි.

හර්තාලයට සහයෝගය පළ කරමින් උතුරු පළාත් වෙළඳ සංගම් හා සිවිල් සංවිධාන රැසක් සහයෝගය පළ කොට තිබූ අතර ඇතැම් නගරවල කළුකොඩි ඔසවා විරෝධය පලකොට තිබුණි.

 



අදහස් (1)

උතුරේ හර්තාල්

කිරිපුතා Tuesday, 25 April 2023 01:00 PM

ත්‍රස්තවාදීන් කොහොමත් ඒකට විරුද්ධයි නෙ. ඒකනෙ ඒ අයට ත්‍රස්තවාදීන් කියන්නෙ

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site