(රොමේෂ් මධුෂංඛ )
උතුරු පළාතේ සිවිල් රාජ්‍ය ආයතනවලට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරීමෙන් උතුරේ ජනතාව හමුදා පාලනයක් යටතේ පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සහ ගනිමින් සිටින බවට ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ කිලිනෝචිය කිරංචි ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් රැස්ව සිටි පිරිස අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා මෙසේ කීවේය.
‘පසුගිය දිනයන්හි රජය විසින් එහෙමත් නැත්තම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවකට අනුව අධ්‍යාපනයක් නොමැති තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දෙන බව පවසා සම්මුඛ පරික්ෂණ තිබුනා එහි සම්මුඛ පරික්ෂණ මෙහෙයවූවේ ආරක්ෂක අංශ සාමාජිකයින් එමගින් පෙනී යන්නේ උතුරේ සිවිල් කටයුතු වෙනුවෙන් ආරක්ෂක අංශ යොදා ගැනීමේ උත්සහයක් පිළිබඳවයි.
‘මෙරට ඉතිහාසයේ කවදාවත් නොවන අයුරින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවූවා පසුව උතුරේ සංවර්ධනයට මෙන්ම ජාතික ගැටලුවටද විසඳුම් සෙවීමට උථ්සහ ගත්තා උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන්ද වැඩිම මුදලක් වෙන්වුනෙත් මේ කාලයේ ඒ මුදලුත් ජනාධිපතවරනයත් සමග අත්හිටුවා තිබෙනවා මේ සියලු දේ අධික්ෂණය කර මෙවර මහමැතිවරණයෙන් ජනතාව බුද්ධිමත් තීරණයක් ගනියි කියලා අපි විශ්වාස කරනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදය පතුරන ඔබලාම රටට එරෙහි වෙන්නේ. අපේ රටේ නීතියට වැඩ කරන්න බැරිනම් කැමති රටකට යන්න තමයි වෙන්නේ.
මොකක් හරි පාලනයක් තියෙන්න ඕන නේ
උතුරේ විතරක් නෙවෙයි මුළු රටේම සිවිල් කටයුතු වලට හමුදාව යොදවලා. මුලින් මුලින් අපේ මිනිස්සු සන්තෝෂ වෙයි. එත් පහුවෙනකොට තමන්ට විරුද්ධ වෙන අයව මර්ධනය කරන්නත් හමුදාව යොදවයි. ඒක තමා ලෝකේ සමහර රටවල් අත්දැකලා තියෙන යතාර්ථය. මේ අනතුර තමන්ගේ ගෙදර දොරට තට්ටු කරනතුරු අපේ මිනිස්සු ඇස් දෙක වහගෙන ඉදිවී. එදාට අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්.
රට දියුණු කරන්න අනිවාර්යයෙන්ම හමුදා පාලනයක් අවශ්‍යයි. රටේ සියලු ජනතාව එයට එකඟ විය යුතුයි.
මෙයාලට මතක නැහැ 2009 ට කලින් තිබුණු තත්වය.
හරි ආසයි නේද උතුරෙන් හමුදාව ඇයින්වෙනවානම්.
මොන පාලනයකින් හරි කමක් නැහැ රට දියුණුවෙලා ණයබරින් නිදහස් වී ඉදිරියට යනවනම් එක තැන කැරකෙන්නේ නැතුව.
උතුරෙන් හමුදාව ඉවත්වුනානම් ඉස්සෙල්ලම ගුටිකන්නේ මේ අය ඇතුළු මෙයාලගේම දේශපාලුවෝ සෙට් එක. කුලවාදයටත් එහා ගිය ජාතිවාදය පදනම් කරගෙන මේ අය කරන මේ සෙල්ලම නිසා හිරිහැර විඳින්නේ උතුරේම ජනයා. ඒ අයට තිබෙන එකම ආරක්ෂාව සහ පිහිට අපේ හමුදාවයි. වතුර ටිකක් නැතිවුනත් ඒ ය කියන්නේ හමුදාවටයි මොකද ඒ අය දන්නවා ඔවුන්ගේ වතුර බව්සර් ටික හෝ ඒ අයට බෙදා දෙන බව. මගේ මතය අනුව උතුරේ සාමාන්‍ය වැසියා හමුදාව ඉන්නවටයි කැමති.
මෙහෙත් ඉන්නවනේ ඔවැනි උදවිය... හමුදාවේ සහාය රථවාහන හැසිරවීමට යොදා ගන්නවා කියලා කියපු ගමන් ඔය වගේ කතාවක් මෙහෙ අය කියෙව්වේ හරියට එදා තමයි හමුදාව පාරට අාව බව හඟවන්න..
දියුණු වුණු කිසිම රටක් සේවකයන් හුරතල් කරලා නොවෙයි දියුණු වුනේ. සිංගප්පූරුව දියුණු කලේ විරුද්ධ මතධාරීන් හිරේ දාලා මර්ධනය කරලා ඒකාධිපති පාලනයක් ගෙන ගිය නිසා... සේවකයන් බලන්නේ අඩු ශ්රමයට වැඩි පඩියක් ගන්න. තමන්ගේ අවශ්‍යතා (පෑන්, කඩදාසි, දුරකථන ඇමතුම් වගේ) සේවා ස්ථානයෙන්ම සපුරාගෙන ඒකට යන මුදලත් ඉතුරුකරගන්න. දැන් ඔය ආණ්ඩුවටත් අභියෝග කරන වෘත්තීය සමිති වීරයෝ ප්‍රේමදාස යුගයේ හිටියේ නගුට දෙපා අස්සේ ගහගත් අය වගේ. දකුණේ වර්ජන කරන වෘත්තීය සමිති උතුරේ වැඩ කළා කොටින්ට බයේ. හමුදාවෙන් හරි කමක් නෑ කාර්ය හරියට වෙනවා නම්. හමුදාව සිවිල් කාර්ය කරද්දී වැඩ කරන්නේ සිවිල් නීතියට මිසක් හමුදා නීතියට නොවේ. රටේ ව්‍යවස්ථාව අනුව බොහොමයක් රජයේ තනතුරුවලට ජනාධිපතිට අභිමත කෙනෙකු පත් කළ හැකියි. ඒ සේවයෙන්ම වෙන්න ඕන නෑ. පරිපාලන සේවයේ අය පොලිස්පති වුණා. බන්ධනාගාර කොමසාරිස් වුණු රටක් මේක... හමුදාව තියෙන්නේ පවතින රජය රකින්න. එ්කයි හමුදාවේ රාජකාරිය... හමුදාවේ කොහෙවත් රාජ පාක්ෂිකභාවය කියලා මිසක් දේශප්‍රේමය කියලා කියවෙන්නේ නෑ. පවතින රජය අපහසුතාවට පත්වෙන වෙලාවට හමුදාව යොදාගන්නවා. ඒක ගෝඨාභය ආවත්, සජිත් ආවත්, රනිල් ආවත්, ජවිපෙ ආවත් එකයි...
හමුදාව අයින් කළොත් කොටින්ට නම් හරි වෙයි නේද? බලාගෙන ඉන්නකෝ ඔය සුමන්ලාටත් වෙනදේ...
හලෝ උතුරේ විතරක් නොවෙයි මේ දකුණේත් එහෙමයි.. එ්කෙන් සාමාන්‍ය ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. රිදෙන තැන්වලට රිදෙයි. නමුත් සාමාන්‍ය ජනතාවට රිදෙන්නේ නැහැ. ත්රස්තවැඩ කරන්නේ නැහැනේද? එහෙම නම් එ්ක ප්‍රශ්නයක් කරගන්න එපා. තල්රා ටිකක් බීලා ජොලියේ ඉන්න...