
(කේ. බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක විශ්වවිද්‍යාලයේ නේවාසිකාගරයක දෙවන මහලින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය අපවත් වී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අවසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිටි දෙහිඅත්තකණ්ඩියේ සුමංගල නැමැති 24 හැවිරිදි හිමිනමකි.
උන්වහන්සේ ඉකුත් 26 දින අලුයම 2.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලින් ඇද වැටීමෙන් පසු සිසුන් විසින් ම විශ්වවිද්‍යාලයට බාහිරින් ගෙන්වාගෙන ඇති ත්‍රීරෝද රථයකින් හෝමාගම රෝහලට ඇතුළත් කීරීමට උත්සාහය කොට පසුව එම ත්‍රීරෝද රථයයෙන්ම කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් හෝමගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය හෝමාගම ධම්මානන්ද හිමියන්ගෙන් කළ විමසීමකදී මෙසේ පැවසූහ.
අපි ඒ සම්බන්ධව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විදිහට අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළා. මුලින්ම අපිට කිව්වේ පඩි පෙළකින් ලිස්සලා වැටුනා කියල වුවත් පසුව අනාවරණය වුණා ගොඩනැගිල්ලකින් වැටිලා තියෙන්නෙ කියලා.
අපි කරපු අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව ගෙන අදාළ අදාළ අංශවලට යොමු කර තිබෙනවා. මේ පිළිබඳව හෝමාගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාව වුනත් හෝමාගම රෝහලෙන් බාර නොගෙන ඒ රෝගියාගේම භාරකරුවන්ට තවත් සෑහෙන දුරක තිබෙන ජාතික රෝහලට ත්‍රී රෝද රථයක ගෙනයන්න සිදුවුණේ ඇයි. රෝහලෙන් රෝගියා බාරගන්න ප්‍රතික්ෂේප කරාද? ඇයි ගිලන් රථයකවත් ඇරියේ නැත්තේ අවශ්‍ය නම් පොලිසියට දන්වලා. රෝගියෙක් මිය යන්න රෝහලේ හැසිරීමත් හේතුවෙන්න පුළුවන්. ඔච්චර බරපතල රෝගියෙක් ගැන නොසලකා හැරීම ගැන හොයන්න වෙනවා. අපවත්වූ භික්ෂූන් වහන්සේ අනතුරට පත්වෙන්න හේතුව හොයන අතරේම...
අලුයම 2.30ට හිමි නම භාවනා කරමින් උන්නා වත්ද?
පහුගිය කාලේ විවිධ මාධ්‍ය තුළ පළ නොවිය යුතු විවිධ ක්‍රියාකාරකම් ඔය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල සිදුවනවාය කියලා නිසි විමර්ශණයක් අවශ්‍යම කාරණාවක්...
අපි වගේ අයට නවකවදය දෙන්න ඔච්චර දැගලුවෙ නැත්තං ඔය ජ්‍යේෂ්ට උන්නාන්සෙ තවමත් ජීවතුන් අතර. දිට්ඨධම්මවේදනීය කම්මය ආපු හැටි.
හෝමාගම රෝහලට ඇතුලත් කරන්න උත්සාහ කර ඒ ත්‍රීවීලර් එකෙන්ම කොළඹ ජාතික රෝහලට ගෙගෙනගියා කිව්වම රෝහලට නොගත්තාද සැකයකුත් ඇතිවෙනවා. ඊළගට ත්‍රිවිලර් එකක් කියන්නෙ රෝගියෙකුට කෙසේවත් යන්න හොද වාහනයක් නොවෙයි. උසස් අධ්‍යාපනයක් ලබන දරුවොත් රනිල්ගේ ආණ්ඩුව ගෙනාපු සුවසැරියට අකමැතිද නැත්නම් සුවසැරිය ගැන නොදන්නාකමට කලාද සිතන්න වෙනවා .කොහොම වුනත් හෝමාගම සිට ජාතික රෝහලට ත්‍රිවිලර් එකකින් නිරෝගි අයෙක් ගියත් මැරෙන්න තරම් අපහසුවක් වෙනවාමයි
ඔය විශ්ව විද්‍යාලයේ නම ඇහුවත් පුදුමාකාර පිළිකුලක් තියෙන්නෙ... ශිෂ්‍ය හාමුදුරුගොල්ලෝ බහුතරයක් හැසිරෙන විදිහ දැක්කම මොකටද මේ සසරෙන් එතෙර වෙන්න චීවර දාගෙන කරන්නේ කියලා හිතෙනවා... කොණ්ඩා රැවුල් වවලා, පිකටින් වල යක්කු වගේ හැසිරෙනනේ...
ශුවර් එකටම රැග් වගේ