(බිඟුන් මේනක ගමගේ)
ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ දේපළ ඈවර නොකර රජයට පවරා ගෙන එහි තැන්පත්කරුවන්ට ක්‍රමානුකූලව සහන සලසන්නැයි ජනාධිපතිවරයාගෙන් ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ හා ස්වර්ණමහල් මුල්‍ය සමාගමේ වත්කම් විකිණීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇතත් එමගින් ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොලැබෙන බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි එම සංගමයේ සභාපතිනි අනූෂා ජයන්ති මහත්මිය අද(19) පැවසීය.
ඊ.ටී.අයි යනු මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වූව ද අද වන විට එහි තැන්පත්කරුවන් සක්විති රණසිංහ ළඟ මුදල් තැන්පත් කළ පිරිසගේ තත්ත්වයට ඇද දමා ඇතැයි ජයන්ති මහත්මිය පැවසීය.
2012 තරම් ඈතකදී දී මහ බැංකුව මෙම ආයතනයේ මූල්‍ය අර්බුදය කල්තියා හඳුනාගෙන ඇතත් ඊට නිසි පියවර ගෙන නැතැයි චෝදනා කළ ඇය මෙම අර්බුදයේ වගකීම මහ බැංකුව අනිවාර්යයෙන්ම ගත යුතු යැයි අවධාරණය කළාය.
මූල්‍ය ආයතනය කඩා වැටීම කල්තියා දැනගත් විට මහ බැංකුව ඒ සම්බන්ධයෙන් තැන්පතුකරුවන් දැනුවත් කළේ නම් අඩුම තරමින් හානිය අවම කර ගැනීමට හෝ තිබුණේ යැයි ද ජයන්ති මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 24,000 ක් සිටින අතර එහි තැන්පතුව රුපියල් බිලියන 33 කට අධික යැයි පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආයතන රජයට පවරා ගැනීමෙන් සිදුවන්නේ තැන්පත් කරුවන්ට සිදුවූ අලාභය මහජනයාට බදු මුදලින් ගෙවන්නට සිදුවීමයි. මෙය සාධරණ දෙයක් නොවෙයි. මෙවැනි ආයතනවල වැඩි පොලියට මුදල් තැන්පත් කරන විට, තැන්පත් කරුවන් යම් අවදානමක් ගනී. එබැවින් මූල්‍ය ආයතනය කඩාවැටුණු විට කළයුත්තේ සමාගමේ වත්කම් විකුණා එය තැන්පත් කරුවන්ට ලබාදීමයි. එවැනි දෙයක් සිදුවූ විට, තැන්පත් කරුවන්ට මුලින් ආයෝජනය කළමුදල් සියල්ල නොලැබීමට ඉඩ ඇත. එය තැන්පත්කරුවන් මෙවැනි ආයතනවල මුදල් තැන්පත් කිරීමේදී ගත් අවදානමේ ප්රතිඵලයකි.
මූල්‍ය ආයතනවල මේ තත්වය ඇතිවන්නේ මහ බැංකුවේ ව්‍යවස්ථාපිත අධීක්ෂණ ක්‍රියාවලියේ දුර්වලතා නිසයි.