
මිලියන ගණනක් වූ ඉවතලන මත්පැන් බෝතල් සහ ටින් ප්‍රතිචක්‍රීකරණය සඳහා වන නව ව්‍යාපෘතියක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරීය සමඟ එක්ව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
සෑම වසරකදීම මත්පැන් බෝතල් පරිසරයට මුදාහැරීමෙන් වන දීර්ඝ කාලීන පරිසර දූෂණය සඳහා මෙය විසඳුමක් වන බවද, මෙම ව්‍යාපෘතියෙන් මත්පැන් අලෙවි කරන දේශීය වෙළෙන්ඳන්ට සහ නිෂ්පාදකයන්ට ඉවතලන මත්පැන් බෝතල් මිලදීගැනීම සඳහා දිරිගැන්වීමක් සිදුවන බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, ඉවතලන මත්පැන් බෝතල් සහ ටින් ප්‍රමාණය හේතුවෙන් පරිසර දූෂණය වන බවට ඔවුන්ට ලැබී ඇති පැමිණිලි ගණනක් හේතුවෙන් මෙම පියවර ගත් බවය.
මධ්‍යම පරිසර අධිකාරිය සමඟ මේ පිළිබඳව කළ සාකච්ඡාවේදී, වසරකදී හිස් මත්පැන් බෝතල් මිලියන 300ක් සහ ටින්වර්ග මිලියන 160ක් නියමිත පරිදි පරිසරයට බැහැර නොකරන බව හෙළි වී ඇත.
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු හා ඉන්නා මන්ත්‍රීවරුන් 101ක් හා හිටපු හා ඉන්නා ඉස්කාගාර 2ක් හිමි මන්ත්‍රීවරුන් සෘජුවම වගකිව යුතුමයි...
අනේ ලොකු දෙයක්... හිස් බෝතල් කවුරුවත් මිලට නොගන්න නිසා රෑ තිස්සේ පාරවල් අයිනේ ත්‍රිරෝද රථ තියාගෙන බොන මිනිස්සු හිස් බෝතල් පාර අයිනේ දාලා යනවා. ඒවා කැඩිලා බිිලා වීදුරු කටු හැමතැනම... ඒවා එකතු කරන්න වත් කවුරුවත් නැහැ. මේක අනිවාර්යයෙන් කළ යුතු වැඩක්...
මේ සිංහල බෞද්ධ රටේ මත්පැන් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ. සිංහල බෞද්ධ පාලකයින් ලැජ්ජා වෙන්න ඕනේ පස් වෙනි සිල්පදෙන් කරන්න එපා කියන දේ රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගන්න එකට.. හැමදාම කියනවා වගේ මේ අවුරුදු 72ටම මේ රටේ සිංහල බෞද්ධ පාලනයක් තිබුනේ නැහැ. ලංකාව කවදා හරි නැගිටින්නේ මේ රටේ සිංහල බෞද්ධ පාලනයක් ඇති වෙච්ච දවසට...