(අජන්ත කුමාර අගලකඩ)
 
පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අනිද්දා(11) රාත්‍රියේදී අඩුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඉන්ධන වර්ගවල අඩුවන මිල ගණන් විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අනිද්දා(11) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.
 
ලෝක වෙළඳපොළ ඉන්ධන මිල ගණන්වල වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙසේ ඉන්ධන මිල ගණන් අඩුකරනු ඇත.
 
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් පසුගිය සති කිහිපයක් තිස්සේ අඩුවෙමින් පවතින අතර, කොරෝනා වයිරසය රටවල් රැසකට ව්‍යාප්ත වීම ඊට හේතු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.