IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉන්ධන අර්බුධය ආර්ථික මධ්‍යස්ථානයත් අඩපණ කරයි

(කාංචන කුමාර ආරියදාස සහ මොහොමඩ් ආසික්)

රට තුළ පවතින  ඉන්ධන අර්බුදය,  ගෑස් අර්බුදය ඇතුළු විවිධ අර්බුද හේතුවෙන් බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල එළවලු අලෙවිය සහ එළවලු ලැබීම බොහෝ සෙයින් පහළ බැස ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගම් පවසයි.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ‍ එළවළු තොග මිල විශාල වශයෙන් මිල පහළ වැටී එළවලු අලෙවි නොවන තත්වයකට පත්ව ඇතැයි ගොවිහු පවසති.

එළවළු මිල පහත වැටීම හා අලෙවි නොවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීම හා ඉන්ධන හිඟගය බවද ගොවිහු කියති.

අද (20)   බෝංචි130 -140 ගෝවා 50 ත් 60 ත් අමුමිරිස් 250 ත් 300ත් ලීක්ස් 60- 70 ත් දඹල 70ත් 80 ත් කරවිල 80 -110 ත් කැරට් 130- 160 ත් වට්ටක්කා 50- 60 ත් මාළුමිරිස් 180- 200 ත් පිපිඤ්ඤා 25 ත් 30 ත් වම්බටු 110 -140 ත් මෑ කරල් 150 - 160 පතෝල 80 -100 වැටකොළු 80 -100 නොකොල් 60ත් 80 ත් බිට් 70 ත් 80ත් තක්කාලි 140 - 150 කැකිරි 30 - 40 ත් රාබු 20- 30 ත් අතර මිලකට අලෙවි වන බව වෙළෙන්දෝ කියති .

අද අලුයම  විශාල වශයෙන් යාපනය අර්ධද්වීපයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබුණු බවද වෙළෙන්දෝ පවසති.

එමෙන්ම  කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු අලෙවිය   75% කින් අඩු වී ඇති බව තොග වෙළඳ සංගමය පවසයි.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළද සංගමයේ සභාපති ඩී.එන්.සිල්වා මහතා සඳහන් කළේ, ඩීසල් නොමැති වීමත් ගෑස් අර්බුදයත් නිසා ආර්ථික මධ්‍යස්ථානයේ  වළවළු අලෙවිය සියයට 75 කින් අඩු වී ඇති බවයි.

ඩීසල් නොමැති වීම නිසා පවතින  ප්‍රවාහන අපහසුතාවය නිසා ත් ගෑස් නොමැති වීම නිසා ආපන ශාලා වැසී යාම නිසාත් එළවළු අලෙවිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත්  සභාපතිවරයා කීය.

මේ ගැටළුවලය විසඳුම් ලබා දීමට රජය  අපොහොසත් වුවහොත් උත්සව සමයේදී එළවළු ලබා ගැනීම ජනතාවට සිහිනයක් වනු ඇති බවද ඒ මහතා කීය.

(දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය-කාංචන කුමාර ආරියදාස )


 

(කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානය - මොහොමඩ් ආසික්)

 



අදහස් (0)

ඉන්ධන අර්බුධය ආර්ථික මධ්‍යස්ථානයත් අඩපණ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 745 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site