නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩිවීමත් සමඟ රාජස්ථාන් ප්‍රාන්තයට සීල් තැබීමට ප්‍රාන්ත බලධාරීහු අද (10) පියවර ගත්හ.
ඒ අනුව ප්‍රාන්තයෙන් පිටවීමටත් ප්‍රාන්තයට පැමිණීමටත් හැකියාව ඇත්තේ අවසර ඇති අයට පමණක් යැයි රාජස්තාන් ප්‍රාන්ත බලධාරීහු කීහ.
පන්ජාබ්, උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ් සහ හර්යානා යන ප්‍රාන්ත රාජස්ථාන් ප්‍රාන්තයට මායිම් වන අනෙක් ප්‍රාන්තය.
ප්‍රාන්තයේ සෑම සංචලනයක්ම නියාමනය හා නිරීක්ෂණය කරන බවත් අදාළ අවසර පත්‍ර නොමැතිව කිසිදු පුද්ගලයකුට ප්‍රාන්තයට ඇතුළු වීමටත් ප්‍රාන්තයෙන් පිටතට යෑමටත් නොහැකි බවත් ප්‍රාන්ත පොලිසියේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.එල්. ලාදර් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේය.
රාජස්ථාන් ප්‍රාන්තයෙන් අද උදෑසන නව කොරෝනා ආසාදිතයන් 123දෙනකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 11,245ක් වන අතර එම ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත මරණ 256ක් දක්වා ඉහළ ගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයට සීල් තියයි
නිමල් Wednesday, 10 June 2020 01:11 PM
රාජස්තානේ කොතනද සීල මුද්‍රාව ගහලා තියෙන්නේ?
කෝලමාWednesday, 10 June 2020 07:27 PM
ගොනා වුණාට උම්බෑ ගාන්න එපා නිමල්...