(රංජන් කස්තුරි)
අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඉන්දුනීසියානු ජාතිකයාට වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවන්සා - ඒ නැමැති වෛරස් උණ රෝගය යැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදුකළ පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී යැයි අධ්‍යක්ෂවරයා කීවේ.
එම රෝගියා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ පසුවන අතර ඔහුගේ පුත්‍රයාද එම රෝහලේ ප්‍රතිකාර ලබන බවද රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.
ඉන්දුනීසියානූ ජාතිකයාගේ පුත්‍රයාට උණරෝගය වැළඳී නැතත් ඔහු අනෙක් රෝගීන්ගෙන් වෙන්කර තබා සිටින බවද වෛද්‍ය අත්තනායක මහතා පැවසීය.
සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන් කරමින් සිටියදී ඉන්දුනීසියානු ජාතිකයා රෝගාතුර වූ අතර හදිසියේ ඔහු ගමන් ගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට බස්සවා ඔහු සහ පුත්‍රයා උණ රෝහලට එවා තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල කෙලියයි. ඔන්න ඔහේ මුන්දෙන්නාටම සැර ඉන්ජෙක්ෂන් දෙක තුනක් ගහලා, ඉක්මණටම මෙහෙන් පිට කරමු. නැත්නම් ඔය ජරාව මේ රටටත් බෝවුනොත් ඔක්කොම අප්සට් වේවි...!!! හැබැයි දියවන්නාවේ හොරු ටික නම් සතුටුවේවි. මේ උණ රෝගය කතාව අස්සෙම කවුරු හරි කාක්කෙකුට රටෙන් තවත් අක්කර දෙක තුනක් විකුණලා සල්ලි සාක්කුවේ දමාගනිවි.