(තිළිණි ද සිල්වා)
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇතැයි ඉතාලියේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
අද (13) එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන් පිටව සිය නිවස වෙත ගොස් ඇති බව එම තානාපති ආරංචි මාර්ග සඳහන් කර සීටී.
ඉතාලියේ බ්‍රේෂියා ප්‍රදේශයේ දී කොරෝනා ආසාදිත වීමෙන් ඇය ඉකුත් 03 වැනිදා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණු අතර ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
46 හැවිරිදි කාන්තාවක් වන ඇයට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූයේ ඇය විසින් රැක බලාගත් එරට රෝගී කාන්තාවක ගෙනි.
ඇය ලංකාවේන් පිටතදී නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට හඳුනාගත් පළමු ලාංකික පුද්ගලයා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මෙයාව ආයෙත් මාධ්‍ය මගින් හමගහන්න යන්න එපා. හුළං වලිනුත් ඒඩ්ස් බෝවෙනවා කියලා හිතන මෝඩයෝ ඉන්න රටේ පව් මේ ළමයට ලංකාවට ගියාම ලංකාවේ එකම මෝඩයෙක්වත් කතා නොකරයි ලෙඩේ බෝවෙයි කියලා.
ඉතාලියේ ඉන්නා ශ්‍රී ලාංකිකයින් හට ආපසු ඔවුන්ගේ දෙමව්පියන් වෙත යාමට අවස්ථාව අහිමි කරමින් රජය පනවා ඇති තහනම් නීතිය දැඩිලෙස විවේචනය කරමින් එක් කාන්තාවක් රෝම ගුවන් තොටුපලේ සිට ලුණු ඇඹුල් ඇතිව තමන්ගේ විරෝධතාවය කියන වීඩියෝවක් දැන් අන්තර්ජාලයට එක්කර ඇත. එම වීඩියෝවේ ඇය එහි කියන්නේ " තමන් ඇතුළු බොහෝදෙනෙකු විශාල වියදමක් දරා බොහෝ දුර ගෙවා ගුවන් ගමන් බලපත්‍ර මිලදීගෙන තම දෙමව්පියන් වෙත යාමේ බලාපොරොත්තුවෙන් රෝම ගුවන් තොටුපලට පැමිණි පසු ලංකාවට ඉතාලියේ සිට මඟීන් ගෙනයාම තහනම් කර ඇතිබව දැනගන්නට ලැබුණු" බවයි. ඉතාලියේ ඉන්නා ශ්‍රී ලාංකිකයින් අතරින් කොරෝනා වයිරසය වැළඳී ඇත්තේ එක් අයෙකුට බවත් ඇයද දැනට ප්‍රතිකාර ලබා සුවවී ආපසු නිවසට ගොස් ඇති බවත් කියන ඇය "එසේ තිබියදී කිසිඳු රෝගාබාධයක් නැති අසරණ ශ්‍රී ලාංකිකයින් මේ අයුරින් ආපසු සිය රටට යෑම වළක්වා තිබීම ඉතාම අසාධාරණ ක්‍රියාවක්" ලෙසද "මෙම තහනම චීනයේ සිට පැමිණෙන චීන ජාතිකයින්ට පනවා නැත්තේ මන්ද කියාත් ආපසු ලංකාවට ආවිට නිරෝධායන කටයුතුවලට සහභාගිවීමට තමන්ගේ අකමැත්තක් නැති බවත් ඒ සඳහා අවශ්‍ය ඇඳුම් පැළදුම් සහ අනෙකුත් බඩු බාහිරාදියද තමන් සූදානම් කරගත් බවත් " පවසයි.