(ටී.කේ.ජී.කපිල)
ඉතාලියේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් 43 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුතු සඳහා අද (10) සවස මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට බලධාරීහු පියවර ගත්හ.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා කිහිපයකින් පැමිණ තිබූ අතර ඔවුහු මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යන තෙක් කටුනායක එයාපෝට්ගාඩ්න් හෝටලයේ රඳවා තිබූ බව ගුවන් තොටුපල නිලධාරියෙකු පැවසීය.
මෙම පිරිස ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයා තිබූ විශේෂ බස් රථ 3 ක් මගින් මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත රැගෙන ගියහ.
(ඡායාරූප - නිමල් ජයරත්න)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මෝඩ, බියගුල්ලන් ටිකක්...! ඉතාලියේ පරෙස්සමින් හිටියා නම් මේ ලෙඩේ හැදෙන්නේ නැහැ. හැදුණත් හොඳම ඉස්පිරිතාලෙක ප්‍රතිකාර ගන්න තිබුණා. දැන් මඩකලපු බාගෙට හදාගෙන යන ගොඩනැගිල්ලක ගිනි රස්නේ දවස් 14ක් ඉන්න වෙන්නේ හරියට වැසිකිලි පහසුකම්වත් නැතුවයි. හදිසියේ වත් ලෙඩේ හැදුණා නම් කට්ටිය එකට ඉන්න නිසා ඔක්කොටෝම හැදෙන්න ඉඩ තියනවා. ඊට පස්සේ කොහාටද මේ අයව ගිහින් දාන්නේ? මඩකලපු ඉස්පිරිතාලේටද, කාත්තන්කුඩි ඉස්පිරිතාලේටද? එතකොට තේරෙයි...
ඉතාලියේ ඉඳලා ආව අය තරු පහේ හෝටලයක තියලා මඩකලපු ගෙනියනවා. කොරියාවේ ඉඳලා ආව අය එයාපෝර්ට් එකේ හුස්ම ගන්නවත් අපහසු කාමරේක හිරකරලා තියලා ඒ අය හුස්ම ගන්න බැහැ කියලා කෑ ගහනකොට එළියට අරන් මඩකලපු ගෙනියනවා. මොකෝ මේ වෙනස..?
රුපියල් 7500ක් ගන්නේ නැහැ. නිරෝධනයට ගන්නවලු...
ජෝන් අමරතුංගගේ ගෙදරට යැව්වානම් තමයි හොඳ...
විශේෂ බස් රථ කිව්වේ ජනෙල් වීදුරුත් විවෘත කරගෙන මෙහෙම මගදිගට වයිරස් එක බෙදමින් යන ලේලන්ඩ් ලොරි චැසිද? මාර වියත් මගක් තමයි. කලින් කෙනා හොදයි වගේ තව...